Sunday, May 5, 2024

General line - 0115112241

ගාසා යුද්ධයට එරෙහිව කැලිෆෝනියාවේ විරෝධතා - සරසවි සිසුන් 94ක් අත්අඩංගුවට




අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවති විරෝධතාවකට එක් වූ විශ්වවිද්‍යාල සිසුන් 94 දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාසා තීරයේ යුධ ගැටුම්වලට එරෙහිව පැවති විරෝධතාවකට එක් වූ සිසුන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතා නොපවත්වන ලෙස පෙර දැනුම්දීමක් සිදු කළ බවත් එය නොතකමින් විරෝධතාවලට එක්වූ පිරිසක් අත්අඩංගුවට ගත් බවත් කැලිෆෝනියා පොලිසිය පවසා තිබෙනවා.

ගාසා තීරයේ යුධ ගැටුම් නතර කරන ලෙස බලකරමින්  අමෙරිකානු විශ්වවිද්‍යාල ගණනාවක විරෝධතා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.