Sunday, May 5, 2024

General line - 0115112241

පූජ්‍ය ලත්පඳුරේ රාහුල නාහිමියෝ අපවත් වෙති




කළුතර, නාගොඩ ශ්‍රී සෝභිත සංඝාරාමාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය රාජකීය පණ්ඩිත පූජ්‍ය ලත්පඳුරේ රාහුල නාහිමිපාණන් අපවත්වී තිබෙනවා.

ඒ, රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

අපවත් වනවිට උන්වහන්සේ 71 වන වියේ පසුවුණා. උන්වහන්සේ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ හිටපු කථිකාචාර්යවරයෙකුද වනවා.

අපවත්වී වදාළ පූජ්‍ය ලත්පඳුරේ රාහුල නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය එළඹෙන 28වන ඉරිදා පස්වරුවේ කළුතර, නාගොඩ ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.