Sunday, May 5, 2024

General line - 0115112241

ගාලු පාරේ පැවති අවුලක් නෙත් නිවුස් මැදිහත් වීමෙන් විසඳෙයි

සම්පත් කුලරත්න




ගාලු පාරේ මග්ගොන - බේරුවල නගර යා කරමින් ඉදිකර ඇති ඉදිරිල්ලගොඩ පාලම අසලදී පොලිස් නිලධාරින් විසින් රියදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලයක් ඇති කල සිද්ධිය පිළිබඳව ඉහළ පොලිස් නිලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථානයේ දඩ පත්‍රිකා නිකුත් කිරීම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ, රියදුරන් අපහසුතාවයට පත් කරමින් සිදුකරන මෙම ක්‍රියාව පිළිබඳව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ පළවූ වීඩියෝව සම්බන්ධයෙන් කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂගේ අවධානය යොමු වීමත් සමඟයි.