Friday, May 10, 2024

General line - 0115112241

ගංවතුර බලන්න ගිය මහඇමති කර මතින් යයි (PHOTOS)




ගංගා නම් නදිය ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යෑමත් සමග ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා.

මාධ්‍ය ප්‍රදේශ්, බිහාර්, උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, රාජස්ථානය යන ප්‍රාන්තවල බොහොමයක් ප්‍රදේශ ජලයෙන් යට වී පවතින අතර තිහකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ගංවතුරෙන් විපතට පත් ජනතාව බැලීමට ගොස් මඩ වතුරේ කොටු වීම හේතුවෙන් පොලිසිය සහ ඔහුගේ ආරක්ෂකයන් ඔහුව ඔසවාගෙන යන ඡායාරූප පෙළක්ද මේ වන විට අන්තර්ජාලයට එක් වී තිබෙනවා.

මධ්‍ය ප්‍රදේශ්වලින් වාර්තා වී ඇති මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ එම ප්‍රාන්තයේ මහඇමති වන සිවාජි සිං බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේවෙතත් මෙම ගංවතුර තත්ත්වය නිසා දහස් ගණනකට සිය නිවාස අතහැර ආරක්‍ෂිත ස්ථාන කරා යාමට සිදු වී ඇති බවත් වාර්තා වෙනවා.

CqZdkJPWcAAXjik CqZLrWwVMAAh2eZ CqZUkjFWAAEYUPSCqbXmrJWYAEkUoF