Saturday, July 27, 2024

General line - 0115112241

පිළිකා ඖෂධ ප්‍රධානයේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත




පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරණු ලබන අත්‍යවශ්‍ය පිළිකා  ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද දින පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු  කලාපයේ සුබසාධන අධ්‍යක්ෂ - Mr. Mickey Lui විසින් එම ඖෂධ තොගය නිළ වශයෙන් භාරදීම සිදුවිය ,
එම  ඖෂධ තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000/= කට අධිකයි .  

මෙම වර්ෂයේ (2024) පෙබරවාරි මසදී සෞඛ්‍ය අමාත්‍යංශය සහ LDS Latter – day saints charities (USA) ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා  ගිවිසුමට අනූව මෙරටට ලැබුනු  පළමු ඖෂධ තොගය මෙය වනවා.

එම අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13 ක් මෙරටට ලැබෙන අතර  එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධිකය.