Friday, May 3, 2024

General line - 0115112241

ලෝක බලවතාට රුසියානු ධජවලින් ප්‍රහාරයක්




අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ලවූ කොඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලය තුළ කතාබහට ලක්වෙමින් තිබෙනවා. 

වොෂිංටන් නුවර පිහිටි ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ල තුළදීයි මෙය සිදුවන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් එහි පැමිණ ඇත්තේ රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභිකයින් හමුවීමටයි.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් අතර සිටි අයෙක් අමරිකානු ජනපතිට රුසියානු ධජවලින් දමාගසා තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.