Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන කළවම් කිරීමේ ජාවාරම ගැන තව දුරටත් විමර්ශන

හේමන්ත කහවලගේ




ඉන්ධන කළවම් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල තවදුරටත් එම කටයුතු සිදුවන බවටයි තොරතුරු ලැබෙමින් ඇත්තේ. දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඞීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට නෙත් නිවුස් ඊයේ තොරතුරු වාර්තා කළා.

මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් සියයට 90ක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී ඇති බවයි එහිදී අනාවරණ කළේ.

නීතිවිරෝධී ලෙස ඉන්ධන මිශ‍්‍ර කිරීමේ කටයුතුවල නිරත වන හෝ ඊට අනුබල දෙන පිරවුම්හල් නියෝජිතයින්ගේ හිමිකාරිත්වය අහෝසි කිරීමට ඉකුත්දා කැබිනට් මණ්ඩලය තීරණය කළා.