Sunday, May 5, 2024

General line - 0115112241

ලොකු පක්ෂයකින් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයා හමුදා ඇඳුමින් සැරසී කප්පම් ගන්න හදලා

ජයන්ත වීරසේකර - වැල්ලවාය




මුදල් වංචාවක් සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයට ලැබුණු පැමිනිල්ලකට අනුව ඊයේ (22) අත්අඩංගුවට ගත් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ලබන මස හත් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් යුද හමුදා නිල ඇදුමින් සැරසී කප්පම් ලබා ගැනීමට තැත් කර ඇති අතර තවත් ස්ථානයක ඉඩම් ගණදෙණුවකදී රුපියල් ලක්ෂ ගනනක් වංචා කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් තිදෙනා වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් කේශර සමරදිවාකර හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ලබන මස හත් වනදා ද්ක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.