Sunday, May 5, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩල සංශෝධනය අද ? අගමැති පොලිසිය ෆොන්සේකාට දෙයි ?

හේමන්ත කහවලගේ




රටම බලා සිටින කැබිනට් මණ්ඩල සංශෝධනය බොහෝ දුරට අද (23) දිනයේ සිදුවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා. එහිදී තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ ෆිල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙන අමාත්‍ය ධුරයයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඔහුගේ නම නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරයට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. එය ලිඛිතව ජනාධිපතිවරයාටද දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් ඊට විරෝධය පළ කර ඇතැයි සදහන්. ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම තීරණය වෙනස් කරන ලෙසයි. ඒ අනුව අමාත්‍ය සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ලබා නොදීමට තීරණය වුවහොත් අද දිනයේ කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි සදහන් කළේ.