Nishan Neth News

හදිසියේ රෝගී වූ ශිරන්ති වැලිකඩ සිට කොළඹ ජාතික රෝහලට

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, ඇයට හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා සිටි ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද දහවල් කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවට ඇතුළත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ එම වාට්ටුවේ … හදිසියේ රෝගී වූ ශිරන්ති වැලිකඩ සිට කොළඹ ජාතික රෝහලට

මහින්ද කහදගම රිමාන්ඩ්

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි. ඒ අනුව මහින්ද කහඳගම මහතා ලබන 26 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය 6 වනදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මිරිහාන ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකව සිටියදී … මහින්ද කහදගම රිමාන්ඩ්

මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා එම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් … මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

ආසියානු පාසල් චෙස් ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රණ රැසක්

රුසියාවේ පැවති 20 වැනි ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදී ජයග්‍රණ රැසක් අත්කර ගත් ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. මෙම තරගාවලිය ආසියානු කළාපයේ රටවල් 16 ක චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 381 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් නුවර ටූලා නුවරදී පැවැත්වුණා. මේ සදහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් 11 ක සිසු සිසුවියන් 24 දෙනෙකු සහභාගී වී … ආසියානු පාසල් චෙස් ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රණ රැසක්

“පාකිස්තානය හමුදාවේ බුදලයක් නොවේ” – ඉම්රාන්ගේ පුත් කසීම්ගෙන් දැඩි වාග් ප්‍රහාරයක්

පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධාන දේශපාලන බලකොටුව වන කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයට ෆෙඩරල් රජය මගින් හදිසි නීතිය පැනවීමට එරෙහිව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුත් කසීම් ඛාන් සිය දැඩි කෝපය පළ කර තිබේ. හමුදාපති අසීම් මුනීර්ගේ පාලනය දැඩි ලෙස විවේචනය කරමින් කසීම් අවධාරණය කළේ, පාකිස්තානය අයිති එහි ජනතාවට මිස හමුදාවට නොවන බවයි. තවත් හමුදා මෙහෙයුමක් දියත් කිරීමට … “පාකිස්තානය හමුදාවේ බුදලයක් නොවේ” – ඉම්රාන්ගේ පුත් කසීම්ගෙන් දැඩි වාග් ප්‍රහාරයක්

ඉන්දීය තරුණ පරපුරට ලෝකය දිනන්න අවස්ථාව හදනවා” – අගමැති නරේන්ද්‍ර මෝදි

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනාගැනීමේ ඉන්දියාවේ අභිලාෂය නැවත වරක් තහවුරු කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගෝලීය ක්‍රීඩා තරගාවලි සඳහා සූදානම් වන අතරතුර ඉන්දීය ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීමේ හැකියාව රටේ තරුණ පරපුර සතු බව ප්‍රකාශ කළේය. ‘ජයිගෝපාල් ගරෝඩියා හින්දු විද්‍යාලයේ’ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේ මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර … ඉන්දීය තරුණ පරපුරට ලෝකය දිනන්න අවස්ථාව හදනවා” – අගමැති නරේන්ද්‍ර මෝදි

චාමර සහ චන්දිම තවමත් අල්ලස් කොමිසමේ

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා තවදුරටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදෙමින් සිටිනවා. එම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබාදිම සදහා මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම හමුවට පැමිණියේ පෙරවරුවේයි. සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. මේ අතර … චාමර සහ චන්දිම තවමත් අල්ලස් කොමිසමේ

අර්ජුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ගොණුකළ පෙත්සමේ වැඩිදුර විභාගය කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. අද දින අධිකරණය හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ … අර්ජුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ගොණුකළ පෙත්සමේ වැඩිදුර විභාගය කල් යයි

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – හෙට සිට වැසිත් වැඩි වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොණ දිශාවෙන් හෙට දිනයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවිමක්ද අපේක්‍ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ. “හෙට දිනය වන විට වගේ දිවයිනේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දිශාවෙන් අඩු පීඩන කලාපයක් වර්ධනය … බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – හෙට සිට වැසිත් වැඩි වෙයි