Nishan Neth News

අද සිට තද වැසි – එල්නිනෝ නිසා ක්ෂනික ගංවතුර අවදානම් ගැනත් අනතුරු ඇගවීම්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බැවින් අද දිනයේ බොහෝ ප්‍රදේශවල විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ත් 150 අතර තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු … අද සිට තද වැසි – එල්නිනෝ නිසා ක්ෂනික ගංවතුර අවදානම් ගැනත් අනතුරු ඇගවීම්

කොකේන් මත්ද්‍රව්‍ය සමග විදේශිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට – ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුත්

කොල්ලුපිටිය ප්‍රදේශයේදී හෝලටයක් සහ සුපිරි වෙළදසැල් සංකීර්ණයක සිදුකළ වැටලීම්වලදී කොකේන් මත්ද්‍රව්‍ය සන්තකව සිටි විදෙස් ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔවුන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ ජැමෙයිකානු ජාතිකයන් සිව් දෙනෙකු වන අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා. … කොකේන් මත්ද්‍රව්‍ය සමග විදේශිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට – ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුත්

කොළඹ වරාය නගරයේදී කප්පම් ගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට

කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ චීන ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔහු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල චීන ජාතික සැකකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රටවල් කිහිපයකට අයත් ව්‍යාජ … කොළඹ වරාය නගරයේදී කප්පම් ගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට

සිවුරට යුතුකම නිදහසේ පාද යාත්‍රාවේ සිව් වන දිනය අද

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කළ සිවුරට යුතුකම ”නිදහසේ පාද යාත්‍රාව” අද සිව්වන දිනට වරකාපොළින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම පාද යාත්‍රාව අද නිට්ටඹුව දක්වා පැමිණීමට නියමිතයි. මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට පෙර සිර දඩුවම් විදි ආකාරය සම්බන්ධයෙන් ඇතැමුන් සිදු කරන … සිවුරට යුතුකම නිදහසේ පාද යාත්‍රාවේ සිව් වන දිනය අද

අලුත් IMF ගිවිසුමකට යනවාද? ජනපතිගෙන් කොළ එළියක්

ආර්ථික වර්ධනය අත්පත් කර ගත හැකි නව එකඟතාවලට එළඹීමට හැකිනම් ජාත්‍යන්තර මූල අරමුදල සමග නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති 2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. … අලුත් IMF ගිවිසුමකට යනවාද? ජනපතිගෙන් කොළ එළියක්

රිමාන්ඩ් කළ චාමර නාමල්ගේ වාට්ටුවේ

රක්‍ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැද වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඊයේ පස්වරුවේ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔහු රදවනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රදවා සිටින වාට්ටුවේ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඊයේ … රිමාන්ඩ් කළ චාමර නාමල්ගේ වාට්ටුවේ

හුති ප්‍රහාර හමුවේ සෞදි බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්

සෞදි අරාබියේ ගුවන් තොටුපළවල් සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් යේමනයේ හුති සන්නද්ධ සංවිධානය එල්ල කරන දරුණු ප්‍රහාරයන්ට එරෙහිව ඉතා දැඩි හා බරපතල ප්‍රතිචාරයක් ලබාදෙන බවට සෞදි අරාබිය ප්‍රතිඥා දී තිබෙනවා. රියාද් නුවර පැවැත්වෙන ලෝක පෙට්‍රෝලියම් කොන්ග්‍රසය (WPC Energy Congress) ඇමතූ සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල් අසීස් බින් සල්මාන් කුමරු (Prince Abdul Aziz bin Salman) සදහන් කළේ, … හුති ප්‍රහාර හමුවේ සෞදි බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්

සජබ ප්‍රබලයෙක් තනතුරු අත්හරී

සමගි ජන බලවේගයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ, පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින්. එම ලිපිය පහතින්,

මන්ත්‍රී චාමර එක් නඩුවකට රිමාන්ඩ් – තවත් නඩුවක් තවමත් විභාගයේ

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එක් නඩුවක් සදහා මේ මස 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. චාමර සම්පත් දසනායක … මන්ත්‍රී චාමර එක් නඩුවකට රිමාන්ඩ් – තවත් නඩුවක් තවමත් විභාගයේ