Nishan Neth News

සෞදි අරාබිය විසින් අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතුයි – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයත් කියයි

සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා. අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මත පදනම් වී ඇති බැවින් ඒ අනුව ඔහු වහාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. මොහොමඩ් නබි තුමාට අපහාස කරන … සෞදි අරාබිය විසින් අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතුයි – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයත් කියයි

ජනපතිගෙන් තවත් ගැසට් පත්‍රයක්

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විට කොළඹ 05 ස්ථානයේ පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් මන්ත්‍රී චන්දන සූරියාරච්චිට ඇප

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි. ඒ අනුව මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි අධිකරණය නියෝග කළේ. අතුරුගිරිය පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පනාගොඩ, මැද මණ්ඩිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළවයි. මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථය … අත්අඩංගුවට ගත් මන්ත්‍රී චන්දන සූරියාරච්චිට ඇප

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වන බව දැනුම්දෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වා තීරණය කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත ඔහු මේ බව ලිඛිතවද දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ. ඊළඟ පරපුර සඳහා අවස්ථාව ලබාදීමේ අදහසින් මෙලෙස නායකත්වයෙන් ඉවත්වන බව ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත යැවූ ලිපියෙන් ප්‍රකාශ කර ඇතැයිද … ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වන බව දැනුම්දෙයි

පාකිස්තානයේ බන්ධනාගාරවල අධික තදබදයක්

පාකිස්තාන මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද “Beyond the Prison Wall: Reducing Overcrowding in Pakistan’s Prisons” නම් ප්‍රතිපත්ති වාර්තාවට අනුව, 2024 වසරේදී ද එරට බන්ධනාගාර තුළ දැඩි තදබදයක් පැවැති අතර, සමස්ත බන්ධනාගාර ගත පිරිසෙන් සියයට 73.41ක්ම නඩු විභාග බලාපොරොත්තුවෙන් පසුවන සැකකරුවන් බව හෙළි වී තිබේ. මෙම වාර්තාව මඟින් බන්ධනාගාරවල පවතින අධික තදබදය, … පාකිස්තානයේ බන්ධනාගාරවල අධික තදබදයක්

වසරේ පළමු මාස නවයේ රැකියාවලට රට ගිය පිරිස ගැන අනාවරණයක්

මෙම වසරේ පළමු මාස නවය තුළ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් 211,666 දෙනෙකු රැකියා සඳහා විදේශගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඉන් 141,916 දෙනෙකු ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සඳහා ගොස් ඇති අතර, 69,750 දෙනෙකු විදේශ රැකියා නියෝජිත ආයතන හරහා විදේශගතවී තිබෙනවා. විදේශගත වූ ශ්‍රමිකයන් අතර පිරිමි ශ්‍රමිකයන් 134,761 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයන් … වසරේ පළමු මාස නවයේ රැකියාවලට රට ගිය පිරිස ගැන අනාවරණයක්

ඉන්දු – ස්විස් වෙළඳ සාකච්ඡා ඇරඹේ – ඉන්දියාවට ඩොලර් බිලියන 100 ක ආයෝජන

වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින් අතර විශේෂ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි. දිල්ලියට පැමිණි ස්විස් ජනාධිපතිවරයා එහිදී අතිඋත්කර්ෂවත් ලෙස රතු පලස් මතින් පිළිගනු ලැබුවේය. මෙම සංචාරය දෙරටේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා තැබූ සුවිශේෂී පියවරක් බව පැවසූ ස්විස් ජනාධිපතිවරයා සඳහන් … ඉන්දු – ස්විස් වෙළඳ සාකච්ඡා ඇරඹේ – ඉන්දියාවට ඩොලර් බිලියන 100 ක ආයෝජන

ග්‍රාම නිලධාරීන් 1,540කට පත්වීම්

නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, පළමු වරට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුවනවා. ඒ අරලියගහ මන්දිරයේදී. මෙම පත්වීම් ප්‍රදානය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රාශියක් නිරාකරණය … ග්‍රාම නිලධාරීන් 1,540කට පත්වීම්

යේමනයේ රතු මුහුදු තීරයේ ගැටුම් තීව්‍ර වෙයි – මෝකා වරාය නගරයේ පාලනය අත්පත් කරගත් බව රජයේ හමුදා කියයි

යේමනයේ බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ රතු මුහුදු තීරයේ පාලනය අත්පත් කරගැනීම සඳහා යේමන රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතර සටන් තීව්‍ර වී තිබෙනවා. යේමන රජයේ හමුදා වාහන යොදාගනිමින් වෙරළ තීරයේ සිටින හූති සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන ආකාරය සහ හූති සටන්කාමීන් වෙරළ ආසන්න මුහුදේ ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද විදේශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය … යේමනයේ රතු මුහුදු තීරයේ ගැටුම් තීව්‍ර වෙයි – මෝකා වරාය නගරයේ පාලනය අත්පත් කරගත් බව රජයේ හමුදා කියයි