Nishan Neth News

කළුතර වෙඩි තැබීමකින් අවහල්හල් හිමිකරුවෙකු ජීවිතක්‍ෂයට – ඔහුගේ බිරිදට තුවාල

කළුතර, නාගොඩ මංසන්ධියේ අවහන්හලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදී තුවාල ලැබූ ඔහුගේ බිරිද නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කළුතර දකුණ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නායකයින් බලගන්වන You’re a Leader මෙහෙයුමේ 50 කඳවුර අද සිට කොටපොල ජාතික පාසලේදී

නෙත් ත්‍ඵ රේඩියෝව සංවිධාන කරන You’re a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුර අද ආරම්භ වනවා. ඒ මාතර, කොටපොල ජාතික පාසලේදීයි. ජාතියේ මහා පහන් ටැඹ – ලංකා බැංකුව මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙනවා. පාසල් දරුවන් නායකයන් ලෙස බලගැන්වීම අරමුණු කරගනිමිනුයි නෙත් FM රේඩියෝව මෙම මෙහෙයුම ආරම්භ කළේ. ඒ යටතේ, මේ දක්වා පුහුණුව … නායකයින් බලගන්වන You’re a Leader මෙහෙයුමේ 50 කඳවුර අද සිට කොටපොල ජාතික පාසලේදී

කථානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසංගය අද මැති සබයට

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් මුල් කරගනිමින් එම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති බවයි සමගි ජනබලවේගය පැවසුවේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන … කථානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසංගය අද මැති සබයට

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස පළමු තරගය පස්වරුවේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අදින් ඇරඹෙනවා. එම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්. ඒහි පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 06.30 ටයි. ඒ, රාවල්පින්ඩිහිදීයි. දෙරට අතර දෙවන තරගය ලබන 11 වනදා සහ 13 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන … ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස පළමු තරගය පස්වරුවේ

බන්ධනාගාර අණපනත් නැවත සළකා බලන්න මහා සංඝ රත්නයට පොරොන්දු වූ කමිටුව ජනපති පත් කරයි

මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවේදී පොරොන්දු වූ පරිදි බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට අදාළ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ තිබෙනවා. ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් … බන්ධනාගාර අණපනත් නැවත සළකා බලන්න මහා සංඝ රත්නයට පොරොන්දු වූ කමිටුව ජනපති පත් කරයි

බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් ශිරන්ති අද ජාතික අක්ෂි රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේදි කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇය ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනද, පසුව බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඊයේ දිනයේදි ඇයව ඉදිරිපත් කළා. එහි දි එම විශේෂඥ වෛද්‍යවරයා නිර්දෙශ කළේ ඇයව අද දිනයේ … බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් ශිරන්ති අද ජාතික අක්ෂි රෝහලට

මැදපෙරදිග සංචාරයක නිරත ඇමරිකානු සෙනෙට් සභිකයෙකුට හමුදා කඳවුරකට ඇතුළුවීමට තහනම්

මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික ක්‍රිස් මර්ෆිට එහි රැඳී සිටින ඇමරිකානු හමුදා භටයින් හමුවීමට අවස්ථාව අහිමි වී තිබෙනවා. සෙනෙට් සභිකයා පවසන්නේ තමන් මැදපෙරදිග කලාපයේ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවූ නමුත්, හමුදා භටයින් හමුවීමට ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවසර නොලැබුණු බවයි. ඒ අනුව කටාර් රාජ්‍යයේ පිහිටි අල් උදෙයිඩ් (Al Udeid) ගුවන් හමුදා කඳවුර වෙත … මැදපෙරදිග සංචාරයක නිරත ඇමරිකානු සෙනෙට් සභිකයෙකුට හමුදා කඳවුරකට ඇතුළුවීමට තහනම්

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නඩුවේ මූලික විරෝධතා ඉවතට

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව දැනට පවතින අධි චෝදනා යටතේ අදාල නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළා.

උගන්වන්න ගුරුවරුන්ට ලයිෂන් එක අනිවාර්යයි – අගමැතිනියගෙන් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක්

ඉගැන්වීම් කටයුතු සිදුකරන සියළු ගුරුවරුන් සදහා බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මදුගොඩ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. එහිදි මන්ත්‍රීවරයා විමසා සිටියේ උපකාරක පන්ති ගුරුවරුන්ටත් අදාළ බලපත්‍රය ලබාදෙන්නේ ද යන්නයි.