Nishan Neth News

ඉරානය සමග ඇති යුද්ධය ගැන ට්‍රම්ප් ආයෙත් කතා කරයි

ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීම සඳහා ගෙන ඇති නිශ්චිත පියවර හෝ කාලසීමාව පිළිබඳව ඔහු කිසිදු විස්තරයක් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත්, යුද්ධය අවසන් වූ පසු ඉන්ධන මිල සැලකිය යුතු ලෙස … ඉරානය සමග ඇති යුද්ධය ගැන ට්‍රම්ප් ආයෙත් කතා කරයි

ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කර තිබෙනවා. ​අදාළ නඩුව අද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම වරෙන්තුව නිකුත් කෙරුණේ. ​අදාළ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් … ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

එයාර් බස් සිද්ධියට නාමල්ට ඇප

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා. එසේම, සැකකරුගේ විදෙස් … එයාර් බස් සිද්ධියට නාමල්ට ඇප

ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ඩොලර් බිලියන 19.4 ක දැවැන්ත අරමුදලක්

විදුලි බල පද්ධති නවීකරණය කිරීම සහ බලශක්ති ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් රුපියල් ට්‍රිලියන 1.86 ක (ඇමරිකානු ඩොලර් බිලියන 19.42) දැවැන්ත සහනාධාර සහ ආයෝජන වැඩසටහනකට ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය තොරතුරු අමාත්‍‍යවරයා විසින් පසුගිය මේ බව අනාවරණය කළේය. මෙම ආයෝජන සැලැස්ම යටතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඔස්සේ ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය. … ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ඩොලර් බිලියන 19.4 ක දැවැන්ත අරමුදලක්

ට්‍රම්ප් පරිපාලනයට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරයක්

ඇමෙරිකාවට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන්, ඔවුන්ගේ මව් රටවල් නොවන වෙනත් තෙවන රටවල් වෙත යැවීමේ මතහේදාත්මක වැඩසටහන නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනයට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ කරුණු දැක්වීමට පවා සංක්‍රමණිකයන්ට අවස්ථාවක් නොදෙමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයක් හමුවේ තාවකාලිකව නතර වී තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට මෙලෙස අවසරය ලබාදුන්නේ … ට්‍රම්ප් පරිපාලනයට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරයක්

පැරණි බෝගම්බර බන්ධනාරයේ සිරකරුවන් යළි රදවයි

වසා දමා තිබූ මහනුවර නගරය මැද පිහිටි වසර 150 ක් පමණ පැරණි බෝගම්බර බන්ධනාගාරය යලි පිළිසකර කිරීමෙන් පසු සිරකරුවන් එහි රදවා තිබෙනවා. ඒ අනුව පළමුව සිරකරුවන් 100 ක පමණ පිරිසක් ආරක්ෂාකාරීව එහි රැදවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. කොළඹින් එවන ලද නවක සිරකරුවන් පිරිසක් එලෙස පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රදවා තිබෙනවා. එම සිරකරුවන්ට අවශ්‍ය ආහාරපාන දැනට පල්ලේකැලේ … පැරණි බෝගම්බර බන්ධනාරයේ සිරකරුවන් යළි රදවයි

ඥානසාර හිමිට වරෙන්තු

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන්. එමෙන්ම ඔක්තෝබර් මස පළමු වනදා විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.

ඕස්ටේ්‍රලියානු ව්‍යාපාරිකයකුගේ සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කළ නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඕස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. දීර්ඝ අඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් … ඕස්ටේ්‍රලියානු ව්‍යාපාරිකයකුගේ සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කළ නඩුවෙන් ගම්මන්පිල නිදොස් කොට නිදහස්

මහනුවර නගරයේ පදික වේදිකා ගිලා බසී – තිදෙනෙකුට තුවාල

මහනුවර නගරයේ, කැප්පෙටිපොල මාවතේ පදික වේදිකාවේ කොන්ක්‍රීට් තට්ටු කඩා වැටී අඩි 09 පමණ වලකට වැටී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පදිකයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිත ජේ එල් ජයසිංහ පැවසුවේ. රෝහල් ගත කල එම පදිකයන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොමැති බවද ඔහු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර … මහනුවර නගරයේ පදික වේදිකා ගිලා බසී – තිදෙනෙකුට තුවාල