Nishan Neth News

නාමල් ලබන 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් මස 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

හිටපු ජනපති ගෝඨාභය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයින්ගේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහායි ඔහු අධිකරණයට පැමිණ සිටින්නේ.

නාමල් යළි රිමාන්ඩ්

සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ, මන්ත්‍රීවරයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ඉකුත්දා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින්. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් මස 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර … නාමල් යළි රිමාන්ඩ්

නාමල් අදත් අධිකරණයට

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, ඔහු රදවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටයි. ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්‘ ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සඳහා සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයනකට අදාළවයි නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා එලෙස අධිකරණය වෙත රැගෙනවිත් ඇත්තේ. මේ අතර ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්‘ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් … නාමල් අදත් අධිකරණයට

හිමාලයේ හිම කදු කඩා වැටෙයි – මරණ 4ක් – 12 ක් අතුරුදහන්

නේපාලයට අයත් හිමාල අඩවියේ පිහිටි ‘හිම්ලුං හිමාල්‘ කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ විශාල හිම කඩාවැටීමකින් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. විදේශීය කඳු නගින්නන් පැමිණීමට පෙර කඳවුර සූදානම් කිරීමට සහ රැහැන් සවි කිරීමට ගිය නේපාල ජාතික මාර්ගපදේශකයින් සහ සහායක පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ ඉකුත් … හිමාලයේ හිම කදු කඩා වැටෙයි – මරණ 4ක් – 12 ක් අතුරුදහන්

යක්කල නාමල්ගේ කුඩු සහ අයිස් ඇද්ද ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට

කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් ”යක්කල නාමල්” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් සහ අයිස් රැගෙන විත් නාවලපිටිය ගිනිගත්හේන ගම්පොළ ඇතුළු ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.එම් කුලතුංග මහතාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුව නාවලපිටිය ජයසුන්දර පාරේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ ඔහුගේ නිවස … යක්කල නාමල්ගේ කුඩු සහ අයිස් ඇද්ද ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට

දෙමටගොඩදී පිස්තෝල 4ක් සමග තරුණයෙකු අත්අඩංගුවට

දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ශ්‍රි ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතව තිබුණේ නේපාලය සමගයි. එහෙත් වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර තරගය අතහැර දැමුණා. ඒ අනුව ශ්‍රේණිගත කිරීම් සලකා තරගයේ ජය තීරණය කෙරුණු අතර අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකාව සුදුසුකම් … ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව

පොහොට්ටුව ආණ්ඩුවට පොරොන්දුවක් මතක් කරයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබා දුන් පොරොන්දුව වත්මන් ආණ්ඩුව අද වනවිට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. “අපිට තියෙන ගැටළුව මේ ආණ්ඩුවට තිබ්බු ජන වරමය කොහෙවක්වත් නෑ. මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙහෙම … පොහොට්ටුව ආණ්ඩුවට පොරොන්දුවක් මතක් කරයි