Nishan Neth News

දිසඳු නිරිඇල්ල නිදහස් ආර 100M පිහිනුම් ඉසව්වෙන් හොඳම දක්ෂතාව දක්වයි

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 නිදහස් ආර පිරිමි පිහිනුම් ඉසව්වෙන් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ දිසඳු නිරිඇල්ල අද සමත් වුණා. ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ මෙම ඉසව්වේ මූලික වටයේ තුන්වන තරඟයට සහභාගි වෙමින්. එහිදී තත්පර 52යි දශම 0යි 2ක කාලයකින් තරඟය නිමා කිරීමට දිසඳු සමත් වුණා. කෙසේ වෙතත් ඔහුට හිමි වූයේ මෙම … දිසඳු නිරිඇල්ල නිදහස් ආර 100M පිහිනුම් ඉසව්වෙන් හොඳම දක්ෂතාව දක්වයි

චමරිගේ සුපිරිය ශ්‍රී ලංකාව අවසන් තරඟයට කැටුව යයි

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ පෙරවරුවේ පැවති අවසන් පූර්ව තරගයේදි පකිස්ථානය පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රිඩිකාවන් නියමිත පන්දුවාර 20දී කඩුලු හතරක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරඟය ජය ගත්තේ පන්දුවාර 17යි පන්දු … චමරිගේ සුපිරිය ශ්‍රී ලංකාව අවසන් තරඟයට කැටුව යයි

කෘතිම බුද්ධියේ ශීඝ්‍ර වර්ධනය හමුවේ චීනයේ රැකියා රැසක් අහිමිවීමේ අවදානමක්

චීනය පුරා කෘතිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සේවකයන්ගේ රැකියා අහිමි වෙමින් පවතින බවත්, එයින් වැඩිම බලපෑමක් තරුණ පරපුරට එල්ල වී ඇති බවත් ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ (AP) පුවත් සේවය වාර්තා කරයි. චීන රජය විසින් රටේ ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම පාහේ කෘතිම බුද්ධිය බද්ධ කිරීමට පියවර ගැනීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. … කෘතිම බුද්ධියේ ශීඝ්‍ර වර්ධනය හමුවේ චීනයේ රැකියා රැසක් අහිමිවීමේ අවදානමක්

ඉන්දියාව සහ කැනඩාව අතර විස්තීරණ ආර්ථික සබඳතා ගිවිසුම වසර අවසානයට පෙර අත්සන් කිරීමට සූදානම්

මෙම වසර අවසානයට පෙර ඉන්දියාව සමඟ විස්තීරණ ආර්ථික සබඳතා ගිවිසුමකට එළඹීමට හැකිවනු ඇතැයි කැනඩාව ඉතා සුබවාදී බලාපොරොත්තු තබා සිටින බව එරට ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පසුගිය මාර්තු මාසයේදී නවදිල්ලි නුවර සිදුකළ සංචාරයකදී කැනඩා අගමැති මාර්ක් කාර්නි ද සඳහන් කර සිටියේ දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම මෙම වසර අගදී අවසන් කිරීමට ඉලක්ක කරන බවයි. එළඹෙන … ඉන්දියාව සහ කැනඩාව අතර විස්තීරණ ආර්ථික සබඳතා ගිවිසුම වසර අවසානයට පෙර අත්සන් කිරීමට සූදානම්

කළුබෝවිල අවිශ්කගේ ගෝලයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

කොහුවල, විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක්, මත්ද්‍රව්‍ය සහ ත්‍රිරෝද රථයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. එහිදී හෙරොයින් ග්‍රෑම් 78 ක්, ෂොට්ගන් වර්ගයේ ගිනි අවි 03 ක්, ඊට යොදාගන්නා උණ්ඩ 08 ක් සහ මත්ද්‍රව්‍ය … කළුබෝවිල අවිශ්කගේ ගෝලයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

නානුඹය දුම්රිය පාලම අසල අනතුරක් – තරුණියක් ජීවිතක්‍ෂයට

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසළ සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඉන්දියානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිය ධාවනය කල තරුණිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය … නානුඹය දුම්රිය පාලම අසල අනතුරක් – තරුණියක් ජීවිතක්‍ෂයට

ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද ඇරඹෙයි – රටවල් 46ක ක්‍රීඩක ක්‍රිඩිකාවන් 11,000ට වැඩි පිරිසක් තරග බිමේ

2026 ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද ආරම්භ වනවා. ඉකුත් 10වනදා සිට ඇතැම් තරග ආරම්භ වුවත් ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කෙරෙන සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ අදයි. ජපානයේ අයිචි නාගෝයා නගරය මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබාදෙනවා. ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 11,000ට වැඩි පිරිසක් ඒ සඳහා සහභාගි වීමට නියමිතයි. සමාරම්භක … ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද ඇරඹෙයි – රටවල් 46ක ක්‍රීඩක ක්‍රිඩිකාවන් 11,000ට වැඩි පිරිසක් තරග බිමේ

නෙත් එෆ් එම් ඩී ජේ නයිට්හි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තරගයේ දෙවන වටය ඇරඹෙයි

නෙත් එෆ් එම් ඩී ජේ නයිට්හි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තරගය දැන් තවත් තිව්‍ර වී තිබෙනවා. ඒ, එම තරගයේ දෙවන වටය ආරම්භ වීම හේතුවෙන්. ඒ සදහා තරග වදින්නේ නෙත් එෆ් එම් ඩී ජේ නයිට්හි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝහි පළමු වටයෙන් ජයග්‍රහණය හිමිකරගත් තරගකරුවන් 14 දෙනෙක්. ඒ අනුව ඊයේ රාත්‍රියේ පැවති ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ හි … නෙත් එෆ් එම් ඩී ජේ නයිට්හි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තරගයේ දෙවන වටය ඇරඹෙයි

මුදල් වංචාවකට ගෑවුණු කාන්තාවක් අත්අඩංගුවට

ටෙලිග්‍රෑම් සමූහයක් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදීයි. ඒ අනුව එම ජාවාරමට ආධාර අනුබල දුන් එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඇය බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වන කාන්තාවක්. සැකකාරිය විසින් අන්තර්ජාල ව්‍යාපාරයක් … මුදල් වංචාවකට ගෑවුණු කාන්තාවක් අත්අඩංගුවට