Nishan Neth News

විමල් වීරවංශ උසාවියට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ වාහනය ඇති වූ ආබාධයක් නිසා ඔහුට නිසි වේලාවට අධිකරණය පෙනී සිටීමට නොහැකි වූ බව පැවසුවා. ඒ අනුව ඔහුට … විමල් වීරවංශ උසාවියට පැමිණෙයි

විමල් වීරවංශට වරෙන්තු

 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය … විමල් වීරවංශට වරෙන්තු

ඕස්ටේ්‍රලියාවට පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට සංචාරක ඕස්ට්්‍රලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, හරාරේහිදී ඊයේ පැවති තුන්වන එක්දින තරගය ද ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජය ගැනීමත් සමගයි. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්. සංචාරක ඕස්ට්්‍රලියානු කණ්ඩායම එම … ඕස්ටේ්‍රලියාවට පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්

වැඩිම වැස්ස කෑගල්ලේ මාලිබොඩට

ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම අගය මිලිමීටර් 104ක්. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේම කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5 ක ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයෙන් මිලිමීටර් 85.5ක ද වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ … වැඩිම වැස්ස කෑගල්ලේ මාලිබොඩට

ප්‍රාන්ත මැතිවරණ පරාජය හමුවේත් ධුරයෙන් අයින් වෙන්නේ නැහැ – ජර්මන් චාන්සලර් කියයි

ප්‍රාන්ත මැතිවරණ කිහිපයකින්ම තම පක්ෂය දැවැන්ත පරාජයක් ලැබුවද, තමන් කිසිසේත්ම ධුරයෙන් ඉවත් නොවන බව ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙර්ස් පවසනවා. මැක්ලන්බර්ග් – වෝපොමර්න් ප්‍රාන්තයේ පැවැති මැතිවරණයෙන් චාන්සලර්වරයාගේ පාලක CDU පක්ෂයට හිමිව ඇත්තේ සියයට 05ක අතිශය අඩු ඡන්ද ප්‍රතිශතයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය ඔවුන්ගේ ඉතිහාසයේ වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය වන අතර, ඒ හේතුවෙන් ප්‍රාන්ත … ප්‍රාන්ත මැතිවරණ පරාජය හමුවේත් ධුරයෙන් අයින් වෙන්නේ නැහැ – ජර්මන් චාන්සලර් කියයි

මොස්කව් අගනුවරට එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාරයක් – රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදුවකටත් හානි

යුක්‍රේනය විසින් එල්ල කරන ලද දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් මොස්කව් නගරයේ ප්‍රධාන තෙල් පිරිපහදුවකට සහ ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව තිබෙනවා. මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් පැමිණි ඩ්‍රෝන යානා 450 ක් පමණ විනාශ කිරීමට තම ගුවන් ආරක්ෂක පද්ධති සමත් වූ බව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසන්නේ. කෙසේවෙතත්, ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා … මොස්කව් අගනුවරට එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාරයක් – රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදුවකටත් හානි

දක්‍ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් ගැටෙයි – පාසල් ළමුන් ඇතුළු 12ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර කිලෝමිටර් 19 පරගස්තොට ප්‍රදේශයේදී කොළඹ දෙසට ගමන් ගත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් 12දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තුවාල ලැබූවන් අතර පාසල් ළමුන් සහ කුඩා දරුවන්ද වන බවයි පොලිසිය පැවසුවේ. අනතුරට ලක් වූ වාහන අතර මෝටර් රථ හයක්, විශාල ප්‍රමාණයේ බස් රථයක් සහ සුඛෝභෝගී කුඩා ප්‍රමාණයේ බස් … දක්‍ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් ගැටෙයි – පාසල් ළමුන් ඇතුළු 12ක් රෝහලේ

යලිත් තෙල් මිල වැඩිවුණත් සහනාධාර දෙන බව ජනපති කියයි

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවත් සහනාධාරයක් දී එය පාලනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අනුව ඔක්තෝම්බර් 01 වනදා තෙල් මිල වැඩි කළ යුතු වුවත්, සහනාධාරය ලබාදී එය පාලනය කරන බවයි අකුරැස්සේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ. “දැන් මැදපෙරදිග යුද්ධෙ පටන් ගත්තා. ආයෙ අප්‍රේල් මාසෙ තිබුණු තෙල් මිලටම ලෝක … යලිත් තෙල් මිල වැඩිවුණත් සහනාධාර දෙන බව ජනපති කියයි

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි – – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ. ”දිවයිනට ඊසානදිග දිශාවෙන් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු … අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි – – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්