Nishan Neth News

කැළඹිලි ස්වභාවය නිසා අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද දිනයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කවිදු … කැළඹිලි ස්වභාවය නිසා අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

හූති – සවුදි සටන් ඇවිළෙයි : හනිෂ් දූපත්වල බලය අල්ලයි – කිං ඛාලිඩ් කඳවුරටත් ප්‍රහාර

දකුණු රතු මුහුදේ පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් ග්‍රේටර් සහ ලෙසර් හනිෂ් (Greater and Lesser Hanish) දූපත් සමූහයේ බලය තමන් යටතට ගත් බව යෙමනයේ හූති සංවිධානය පවසනවා. හූති සංවිධානයේ මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර වශයෙන් සවුදි අරාබි ප්‍රමුඛ සංධානය විසින් ගතවූ පැය 24 ඇතුළත එම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 54 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි … හූති – සවුදි සටන් ඇවිළෙයි : හනිෂ් දූපත්වල බලය අල්ලයි – කිං ඛාලිඩ් කඳවුරටත් ප්‍රහාර

අපොස සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 7ක් දක්වා අඩු කිරීමේ සූදානමක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව, විෂයයන් 7ක් දක්වා විෂයන් ගණන අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමේදී මේ බව අනාවරණය වුණා. 12 සහ … අපොස සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 7ක් දක්වා අඩු කිරීමේ සූදානමක්

දිලිත් ජයවීරගේ පෙත්සම සලකා බැලීමට අධිකරණය දින දෙයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ  විනිසුරු මඩුල්ල ඉදිරියේ … දිලිත් ජයවීරගේ පෙත්සම සලකා බැලීමට අධිකරණය දින දෙයි

පොහොට්ටුවේ අනුරපුර රැළිය ගැන තැන තැන තවමත් එක එක කතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැත්වූ ජන රැළිය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදහස් දැක්වූවා. ඒ, ඊයේ දිනයේ කහටගස්දිගිලියේ පැවැති ජන හමුවකදීයි. “අපේ සමාජයේ ඉතාමත් ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි අනුරාධපුරයේ ඊයේ අපි දැක්කේ. එච්චරයි! රටේම එච්චරයි! චූටි ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. … පොහොට්ටුවේ අනුරපුර රැළිය ගැන තැන තැන තවමත් එක එක කතා

මිලිමීටර් සියය ඉක්ම වූ මහ වැසි තවදුරටත්  – වැසි ලැබුණත් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 44 දක්වා පහළට

ශ්‍රී ලංකාවේ පහළ වායු ගෝගලයේ හටගෙන ඇති කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ පළාත් කිහිපයකම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි අපේක්ෂා කළහැකි බවයි. වැසි සමඟ අකුණු සහ තද සුළං ඇතිවීමේ අවදානමක්ද පවතින … මිලිමීටර් සියය ඉක්ම වූ මහ වැසි තවදුරටත්  – වැසි ලැබුණත් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 44 දක්වා පහළට

රුමේෂ් තරංගගේ ජයග්‍රහණය ගැන මව කතා කරයි

විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් පළමු ස්ථානය දිනාගත් සිය පුත්‍රයා පිළිබද තමන් බෙහෙවින් සතුටු වන බව රුමේෂ් තරංගගේ මව පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ සිය පුත්‍රයා මෙම තරගයෙන්ද ජයග්‍රහණය කරනු ඇතැයි තමන් දැඩි අපේක්‍ෂාවෙන් සිටි බවයි. විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ … රුමේෂ් තරංගගේ ජයග්‍රහණය ගැන මව කතා කරයි

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම රෝගීන් අතුරින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. මේ අතර සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,146ක් ද වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන් වාර්තාවීම සැලකීමේදි වැඩිම රෝගීන් ප්‍රමාණයක් … ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට

යුක්‍රේන – පෝලන්ත සීමාවේ දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් – බෝරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් නූලෙන් බේරෙයි

යුක්‍රේන – පෝලන්ත සීමාව ආසන්නයේ පිහිටි යාහොඩින් දුම්රිය ස්ථානයේ තිබූ දුම්රියක එන්ජිමකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බෝරිස් ජොන්සන්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක ජොනතන් පවෙල් ඇතුළු යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් ගමන් කළ දුම්රිය අදාළ ස්ථානය පසුවී නිමේෂයකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අදාළ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වීමට … යුක්‍රේන – පෝලන්ත සීමාවේ දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් – බෝරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් නූලෙන් බේරෙයි