Nishan Neth News

හෝමූස් සමුද්‍රසන්ධියේ නෞකා ප්‍රහාරය ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැනමා කොඩිය යටතේ ගමන් කළ ‘එල් ගායා‘ ඉන්ධන නෞකාව නාවික බෝම්බයක ගැටුණු බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කළ ප්‍රකාශය ඇමරිකානු මධ්‍යම බළකාය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම බළකාය පවසන්නේ අදාළ නෞකාව පසුගිය මාසයේදී ඉරාන මිසයිල ප්‍රහාරයකට ලක්ව අක්‍රීය වූ බවත් පසුගිය සති අන්තයේ ඕමාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නැවතත් … හෝමූස් සමුද්‍රසන්ධියේ නෞකා ප්‍රහාරය ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

කොළඹ, ගම්පහ, ගාල්ල සහ රත්නපුරට මිලිමීටර් සියය ඉක්ම වූ මහා වැසි

දිවයිනට බලපා ඇති වැසි තත්වය අද දිනය තුළද පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 වැඩි අධික වැසි ඇතිවිය හැකි බවයි. “දැනට දිවයින ආශ්‍රිතව පවතින මේ වැසි සහිත කාලගුණ තත්ත්වයට හේතු වෙලා තියෙන පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයින ආශ්‍රිතව තවදුරටත් පවතිනවා. මෙම පද්ධතියේ … කොළඹ, ගම්පහ, ගාල්ල සහ රත්නපුරට මිලිමීටර් සියය ඉක්ම වූ මහා වැසි

හබරාදූව ප්‍රාදේශීය සභාව උණුසුම් – සජබ මන්ත්‍රීවරු මේසය උඩත් නගී

ගාල්ල, හබරාදූව ප්‍රාදේශීය සභාවේ අද පැවති රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ, ජාතික ජන බලවේගයේ සභිකයෙකු බීමතින් සභා රැස්වීමට පැමිණ ඇති බවට විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ සභිකයන් විරෝධය පළකිරීමත් සමඟයි. විපක්ෂ සභිකයන් කිහිපදෙනෙකු සභාවේ මේසය මත නැග විරෝධය පළ කිරීමත් සමග ඇතිවූයේ නොසන්සුන් තත්ත්වක්. කෙසේවෙතත් තත්ත්වය පාලනය කිරීමට සභාව කල් තබා පොලිසියද කැඳවූ බවයි එම … හබරාදූව ප්‍රාදේශීය සභාව උණුසුම් – සජබ මන්ත්‍රීවරු මේසය උඩත් නගී

ජල සම්පාදන මණ්ඩලයේ කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ කේබල් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයේ රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේබල් සොරකම් කර ඇති බවට චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් පුද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙකු … ජල සම්පාදන මණ්ඩලයේ කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ශානි අබේසේකරගේ සහ රවී සෙනවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව අදාල පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික … ශානි අබේසේකරගේ සහ රවී සෙනවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

රුමේෂ් තරංග දිවයිනට – හෙල්ල කට්ටලයට ගුවන් ගමනේදී හානි

හංගේරියාවේ බූඩාපේස්ට්හිදී පැවති විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන් ගමනේදි කණගාටුවට කරුණක් වන්නේ ජයග්‍රහණය සදහා ඔහු භාවිත කළ හෙල්ල කට්ටලය හානි වී තිබීමයි. ඒ පිළිබද වැඩිදුරට තොරතුරු කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිලගෙන්. ”හෙල්ල විසිකිරීමේ … රුමේෂ් තරංග දිවයිනට – හෙල්ල කට්ටලයට ගුවන් ගමනේදී හානි

ව්‍යාජ විදෙස් මුදල් සන්තකව සිටි තරුණයෙකු අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු කිහිපයක් සන්තකව සිටි තරුණයෙකු හැටන් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබි ව්‍යාජ යුරෝ මුදල් නෝට්ටු 16ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවන වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සදහා හැටන් පොලිස් … ව්‍යාජ විදෙස් මුදල් සන්තකව සිටි තරුණයෙකු අත්අඩංගුවට

දුම්රිය වෘත්තීය සමිති බලධාරීන්ට දවස් දෙකක් කල් දෙයි – සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්නැයි බලපෑම්

වර්තමාන දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා එම ධූරයෙන් ඉවත් කර වෙනත් සුදුසු අයෙක් පත් කිරීමට කටයුතු නොකරන්නේ නම් මීට පෙර ප්‍රකාශ කළ පරිදි ලබන 17 සහ 18 යන දින දෙකේ පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි නියෝජිත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන … දුම්රිය වෘත්තීය සමිති බලධාරීන්ට දවස් දෙකක් කල් දෙයි – සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්නැයි බලපෑම්

කටුනායක ගුවන් තොටුපොළේ දමා ගිය ගමන් මළු දෙකක තිබී රුපියල් කෝටි 32 ක කූෂ් මත්ද්‍රව්‍ය සොයාගැනේ

කටුනායක ගුවන් තොටුපොළ තුළ , ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබූ ගමන් මළු දෙකක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද අළුයම සොයාගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. එම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය , ගමන් මලු දෙක තුළ , සුළං නොවදින ලෙස පැකට් 60 ක් තුළ අසුරා සකස් … කටුනායක ගුවන් තොටුපොළේ දමා ගිය ගමන් මළු දෙකක තිබී රුපියල් කෝටි 32 ක කූෂ් මත්ද්‍රව්‍ය සොයාගැනේ