Nishan Neth News

දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ​අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර ද්වීපාර්ශ්වීය ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ​වසර 38 කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී … දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි

අස්වැසුම මුදල් වංචාවට ගෑවුණු ගුරුවරුන් හයකගේ වැඩ තහනම්

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම කාර්යාලයේ අංශභාර සැකකාරියන් දෙදෙනා ලබන 22 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබෙනවා. ​සැකකාරියන් දෙදෙනා ඊයේ (08) ස්කයිප් තාක්ෂණය ඔස්සේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. ​රුපියල් කෝටි … අස්වැසුම මුදල් වංචාවට ගෑවුණු ගුරුවරුන් හයකගේ වැඩ තහනම්

කොණ්ඩ රංජි ගුවන්තොටේදී CID අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අපරාධ කල්ලි සාමාජිකයෙක් වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) උදෑසන දිවයිනට රැගෙන ඒමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණා. එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ … කොණ්ඩ රංජි ගුවන්තොටේදී CID අත්අඩංගුවට

බංග්ලාදේශයේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 2.08 දක්වා ඉහළ යයි

ප්‍රධාන වශයෙන් අපනයන වර්ධනයක් නොමැති පසුබිමක ආනයනවල ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන්, බංග්ලාදේශයේ වෙළඳ හිඟය (එනම් විදේශයන්හිදී මිලදී ගන්නා සහ විකුණන දෑ අතර පරතරය) වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු මාසය වූ ජූලි මාසයේදී 38.36% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 2.08ක් දක්වා වර්ධනය විය. මීට පෙර පැවති මූල්‍ය වර්ෂයේ අදාළ මාසයේදී වෙළඳ හිඟය සටහන් වූයේ ඇමරිකානු … බංග්ලාදේශයේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 2.08 දක්වා ඉහළ යයි

UPI ගෙවීම් පද්ධතිය තවත් රටවල් රැසකට ව්‍යාප්ත කිරීමට ඉන්දියාව සූදානමින්

ඉන්දියාවේ දේශීය සිල්ලර ගෙවීම් ජාලය වන ‘යුනිෆයිඩ් පේමන්ට්ස් ඉන්ටර්ෆේස්’ (UPI) පද්ධතිය, තවත් විදේශීය රටවල ගෙවීම් පද්ධති සමඟ සම්බන්ධ කිරීම ඉලක්ක කරගත යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 2025 වාර්තාවකට අනුව, ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව මඟින් මෙහෙයවනු ලබන UPI පද්ධතිය, ගනුදෙනු ප්‍රමාණය අනුව ලොව විශාලතම සිල්ලර ක්ෂණික ගෙවීම් පද්ධතිය ලෙස … UPI ගෙවීම් පද්ධතිය තවත් රටවල් රැසකට ව්‍යාප්ත කිරීමට ඉන්දියාව සූදානමින්

ඇමෙරිකා – ඉරාන ගැටුම ප්‍රබල වෙයි – ඉරාන තෙල් නැව් 05ක් ඇමෙරිකාව විනාශ කරයි

  ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා 05ක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඇමරිකානු හමුදාව පියවර ගෙන තිබෙනවා. ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට ඉරාන විප්ලවීය අරක්ෂක බලකාය (IRGC) විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකානු ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය අරක්ෂක බලකාය ප්‍රකාශ කළේ, ජෝර්දානයේ … ඇමෙරිකා – ඉරාන ගැටුම ප්‍රබල වෙයි – ඉරාන තෙල් නැව් 05ක් ඇමෙරිකාව විනාශ කරයි

අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අතුරුගිරිය, වලේකඩේ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු හෝටලයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවයි. එහිදි තුවාල ලැබූ පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහ්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි  

දුම්රිය වෘත්තීය සමිති දෙදින වර්ජනයකට සැරසෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් එක්ව ලබන 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්තනෝමතික පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයකට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් අපහසුතාවට පත්වන බවත් වෘත්තීය සමිති පැවසුවා. එමෙන්ම, මෙම තත්ත්වය සම්බන්ධයෙන් හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය … දුම්රිය වෘත්තීය සමිති දෙදින වර්ජනයකට සැරසෙයි

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසනවා. එම සම්මේලනය පැවසුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතළ අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹුන බවයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම පවතින තවත් ගැටළු … විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට වැඩවර්ජනයක