Nishan Neth News

ලෝකයේ දරුණුතම සරම්ප වසංගතයට බංග්ලාදේශය මුහුණ දෙයි – මරණ 999ක්

සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම පාහේ තුරන් කිරීමට ආසන්නව සිටි බංග්ලාදේශය, ඉතිහාසයේ දරුණුතම සරම්ප වසංගත තත්ත්වයට මුහුණ දී සිටින අතර, රෝහල්වල ඉඩකඩ මදභාවය, ඖෂධ හිඟය සහ රෝගී දරුවන් අඛණ්ඩව ඇතුළුවීම හේතුවෙන් පසුගිය මාර්තුවේ සිට සරම්ප ආශ්‍රිත සැකකටයුතු සහ තහවුරු කළ මරණ 999ක් වාර්තා වී තිබී ඇත. අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහිව ඇති වූ මාරාන්තික නැගිටීමකින් පසු රට තුළ … ලෝකයේ දරුණුතම සරම්ප වසංගතයට බංග්ලාදේශය මුහුණ දෙයි – මරණ 999ක්

මින්නේරිය බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස තවත් ඉහළට

පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන්ගෙන් 15 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි. සෙසු පුද්ගලයන් පස් දෙනා ඇතුළත් කර ඇත්තේ හබරණ රෝහලටයි. මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අදාළ බස් රථය අද අළුයම 5.40 … මින්නේරිය බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස තවත් ඉහළට

දිට්වා වලින් නිවාස අහිමිවූවන්ට දුන් කුලී නිවාස දීමනාව ගැන ආණ්ඩුවෙන් දැනුම්දීමක්

මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා පිලිබද පාර්ලිමේන්තුවේදී සිදුවූ උණුසුම් වාද විවාද මැද රටට හා ජනතාවට වැදගත් යෝජනා කිහිපයක්ද පාර්ලිමේන්තුවේදී ඊයේ (09) දිනයේ සංවාදයට ගැණුනා. ඒ අතරින් ප්‍රධාන මාතෘකාවක් වන්නේ වසර 20ක් පුරා වතු සේවක අර්ථ සාධක හිග මුදල් ලබා දීම පිලිබදවයි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වතු සේවක අර්ථසාධක හිග මුදල් අද දිනයේ … දිට්වා වලින් නිවාස අහිමිවූවන්ට දුන් කුලී නිවාස දීමනාව ගැන ආණ්ඩුවෙන් දැනුම්දීමක්

සෑම වසරකම ශ්‍රී ලංකාවේ ළමයින් 900 ක් පිළිකාවට ගොදුරු වෙයි – සෞඛ්‍ය අධ්‍යයනයකින් හෙළිවෙයි

උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන් සහ නව යෝවුන් වියේ පසුවන දරුවන්ගෙන් වසරකට 900ත් -1,000ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් මෙරටින් වාර්තාවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂ්‍ය, වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසනවා. වැඩි වශයෙන් හඳුනාගැනීමට ලක්ව ඇත්තේ ලේ පිළිකාව නොහොත් ලිව්කේමියාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා බවයි ඔහු පැවසුවේ. “උපතේ සිට … සෑම වසරකම ශ්‍රී ලංකාවේ ළමයින් 900 ක් පිළිකාවට ගොදුරු වෙයි – සෞඛ්‍ය අධ්‍යයනයකින් හෙළිවෙයි

ප්‍රමාද වූ වාහන අංක තහඩු මාස 6කින් ලබාදීමට පියවර

ප්‍රමාද වූ සියලුම වාහන අංක තහඩු මාස 6ක කාලයක් තුළ ලබා දී අවසන් කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පැවසුවේ ප්‍රමාද වූ සියලු අංක තහඩු ලබාදීමෙන් අනතුරුව එතැන් සිට වාහනයක් ලියාපදිංචි කර සතියක් ඇතුළත අංක තහඩු ලබා දීමට කටයුතු කරන බවයි. “නම්බර් ප්ලේට්ස් … ප්‍රමාද වූ වාහන අංක තහඩු මාස 6කින් ලබාදීමට පියවර

ඉරාන – අමෙරිකා යුද්ධය අවසන් කරන කාලය ගැන ට්‍රම්ප්ගෙන් අනාවරණයක්

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණයෙන් පසුව ඉරානය සමග පවතින යුදමය වාතාවරණය වහාම අවසන් වනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයට තවදුරටත් යුදමය තත්ත්වයට මුහුණ දීමට නොහැකි බවත් ටෙහෙරානය සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමට ද ඉඩකඩ පවතින බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයේ … ඉරාන – අමෙරිකා යුද්ධය අවසන් කරන කාලය ගැන ට්‍රම්ප්ගෙන් අනාවරණයක්

කලුබෝවිල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

කලුබෝවිල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි. එම අවස්ථාවේ නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් රැදි සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. කෙසේවෙතත් අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. … කලුබෝවිල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

මින්නේරියේදී බස් රථයක් පෙරළී 15 දෙනෙකුට තුවාල

පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. එම ස්ථානයේ සිටින නෙත් නිවුස් නියෝජිත රොෂාන් තුෂාර පැවසුවේ තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බවයි. මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගමන් කර පෙරළී යාමෙන් අනතුර … මින්නේරියේදී බස් රථයක් පෙරළී 15 දෙනෙකුට තුවාල

බ්‍රික්ස් සමුළුවට සහභාගී වීමට චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දියාවට

සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දියාවේ සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ෂී ජින්පිං මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණෙන බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. ෂී ජින්පිං ඉන්දියාවට පැමිණෙන්නේද යන්න … බ්‍රික්ස් සමුළුවට සහභාගී වීමට චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දියාවට