Nishan Neth News

බස් ලලිත් හංවැල්ලට රැගෙන එයි

සංවිධාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තා හංවැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. හංවැල්ල පොලිස් වසමේ සිදුවූ බව කියන අපරාධ ස්ථාන නිරීක්‍ෂණය සදහා එලෙස ඔහු රැගෙන ආ බවයි පොලිසිය පැවසුවේ. දැඩි ආරක්‍ෂාවක් මධ්‍යයේ මධ්‍යහ්න 12.10 ට පමණ හංවැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බස් ලලිත් … බස් ලලිත් හංවැල්ලට රැගෙන එයි

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යවරයා දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියා. ඉන්දිය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් එරට ආරක්‍ෂක අමාත්‍යවරයා පස්වරු 1.25 ට පමණ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ.

චමල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

පැය එක හමාරක කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. එම කොමිසම කළ දැනුම්දිමක්ට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා චමල් රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු කථානයක චමල් රාජපක්‍ෂ මහතාගෙන් … චමල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට

මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට අදාළ නඩුව යළි ඔක්තෝබර් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කලා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කර … ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට

චමල් අල්ලස් කොමිසමට

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ, එම කොමිසම කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සදහායි. එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව චමල් රාජපක්‍ෂ මහතාගෙන් අල්ලස් කොමිසම එම ප්‍රකාශය ලබාගන්නා බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සදහා වන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සදහා වන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින්  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ඒ අනුව එම වගන්ති සහිතව කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවද කෙසේවෙතත් ඇතැම් වගන්ති … ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සදහා වන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව

හෙරොයින් කිලෝ දෙකක් සමග තරුණයෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, ලක් සඳ සෙවණ, සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. 24 හැවිරිදිවියේ පසුවන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් යුක්රේනයේ ප්‍රධාන අභිචෝදක ඉල්ලා අස්වෙයි

යුක්‍රේනයේ නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් එරට ප්‍රධාන අභිචෝදක රුස්ලාන් ක්‍රව්චෙන්කෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. යුක්‍රේන දූෂණ මර්දන විමර්ශකයින් විසින් ඔහුගේ කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත්තේ. අදාළ ඇමතුම් මධ්‍යස්ථාන මගින් සිදුකළ වංචා ආරක්ෂා කිරීම … එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් යුක්රේනයේ ප්‍රධාන අභිචෝදක ඉල්ලා අස්වෙයි

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස තවත් ඉහළට

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 35,169කට අයත් පුද්ගලයින් එක් ලක්‍ෂ 15,586 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 35ක පිරිසක් එලෙස බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. එවන් පසුබිමක් තුළ පානීය ජල ගැටලුවට මුහුණ දෙන ජනතාවට අඛණ්ඩව ජලය බෙදාහැරීමට කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව දිස්ත්‍රික්ක හතක පවුල් 34,628ක අයත් … වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස තවත් ඉහළට