Nishan Neth News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව රාත්‍රී 07.00 ට යෙදෙන සුභ මොහොතින් ශ්‍රී දළදා මාළිගාව අභියසින් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අලි ඇතුන් රැසකගේ සහ උඩරට, පහතරට, සබරගමු නැටුම් ශිල්පීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා … මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි – නෙත් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාමයේදී

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වන් පොහොය දිනක සිදු වූ බවයි පොල්ගස්ඕවිට, සියඹලාගොඩ, සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ. “අද උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දවස. ශාසනික වශයෙන් බොහෝ වැදගත්කම් රාශියක් සහිත පොහොය දිනයක් හැටියට තමයි මේ නිකිණි පුර … ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි – නෙත් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාමයේදී

මැදපෙරදිග යුද උණුසුම නිවන්න තවත් ප්‍රබලයෙක් ඉරානයට

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමේ අරමුණින් කටාර් අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී ඔහු ඉරාන උසස් නිලධාරීන් හමුවී අමෙරිකාව සහ ඉරානය අතර සෘජු සංවාදයක් ගොඩනැගීමට මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම … මැදපෙරදිග යුද උණුසුම නිවන්න තවත් ප්‍රබලයෙක් ඉරානයට

නේපාල ගංවතුරෙන් විපතට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයිනුත් සිටිනවාද?

නේපාලය සහ චීනයට අයත් ටිබෙට් දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නේපාලයේ කත්මණ්ඩු අගනුවර පමණක් ශ්‍රී ලාංකිකයින් 85ත් 100ත් අතර සංඛ්‍යාවක් රැදී සිටි බව වාර්තා වනවා. ඒ අනුව නේපාලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට දැඩි … නේපාල ගංවතුරෙන් විපතට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයිනුත් සිටිනවාද?

නේපාල මහා ගංවතුරෙන් මියගිය පිරිස 150 පනී – සිය ගණනක් තවමත් අතුරුදන් 

නේපාලය සහ චීනයට අයත් ටිබෙට්  දේශසීමා ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පිරිස  150 කට අධික බව විදෙස් මාධ්‍ය පවසනවා.  විදේශිකයන් ඇතුළු සිය ගණනක් අතුරුදහන්ව ඇති බවයි එරටින් වාර්තා වන්නේ. නේපාල සංචාරක මණ්ඩලයට  පවසන්නේ  අතුරුදහන් වූවන් අතර ඉන්දියාවෙන් පැමිණි 100කට වැඩි පිරිසක්, ඇමරිකා එක්සත් ජනපදයේ 54ක්, එක්සත් රාජධානියේ 33ක් සහ නේපාල … නේපාල මහා ගංවතුරෙන් මියගිය පිරිස 150 පනී – සිය ගණනක් තවමත් අතුරුදන් 

නේපාලයේ මහා ගංවතුරක්

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා. නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයට බලපෑ මෙම විපතින් එක්සත් රාජධානිය, ඇමරිකාව, ඉන්දියාව සහ මැලේසියාව ඇතුළු රටවලින් පැමිණි විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ඇතුළුව, මුළු සංචාරකයින් 384 දෙනෙකු අතුරුදහන් වී ඇති බවට එරට බලධාරීන් තහවුරු … නේපාලයේ මහා ගංවතුරක්

පකිස්තානයේ රෝහලක හටගත් ගින්නකින් කුඩා ළමුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි රජයේ ප්‍රධාන රෝහලක (PIMS) ළමා සහ මාතෘ අංශයේ හටගත් හදිසි ගින්නකින් අලුත උපන් බිළිඳන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (26) උදෑසන කාලයේ රෝහලේ ළමා දැඩි සත්කාර අංශයේ පැවැති වායු සමනය කිරීමේ යන්ත්‍රයක (Air Conditioner) කොම්ප්‍රෙසරයක් පිපිරී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේදී එම අංශයේ කුඩා … පකිස්තානයේ රෝහලක හටගත් ගින්නකින් කුඩා ළමුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ පොලිසියේ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවක් – පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ස්ථානමාරු කර තිබෙනවා. පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එය ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව අම්බලන්ගොඩ … අම්බලන්ගොඩ පොලිසියේ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවක් – පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා වෙයි – සොනාල්ගෙන් ලකුණු 103ක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ  පළමු ඉනිම ක්‍රීඩා කළ  ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290කට රැස් කළා. එහිදි  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා  කිරීමට සොනාල් දිනූෂ  සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවයද ආරක්ෂා කර ගනිමින්. පන්දු 162කට මුහුණ දුන් සොනාල් ලකුණු 103ක් රැස් කලේ හතරේ පහර 08ක් සහ … ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා වෙයි – සොනාල්ගෙන් ලකුණු 103ක්