Nishan Neth News

පුද්ගලයෙකුට පහරදුන්නැයි කියන සිද්ධියට අම්බලන්ගොඩ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ස්ථාන මාරු කෙරේ

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සැකකරුවෙකුට පහරදුන්නේ යැයි එල්ල වන චෝදනාවට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මතයි. අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශන සිදු කෙරුණා. ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමේ සිටි … පුද්ගලයෙකුට පහරදුන්නැයි කියන සිද්ධියට අම්බලන්ගොඩ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ස්ථාන මාරු කෙරේ

අවසන් රන්දෝලි මහා පෙරහැරට සියල්ල සූදානම් – මහනුවර ජනතාවගෙන් පිරී යයි

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹීම සදහා මේ වනවිටත් බොහෝ පිරිසක් මහනුවරට පැමිණ සිටිනවා. අද පස්වරු හයයි හතලිස් තුනට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ පිළිබද තවත් තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රැදී සිටින නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීරගෙන්. “මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ … අවසන් රන්දෝලි මහා පෙරහැරට සියල්ල සූදානම් – මහනුවර ජනතාවගෙන් පිරී යයි

නේපාලයේ මෙන් මහා ගංවතුරක් ශ්‍රී ලංකාවේ වුවද ඇති විය හැකි බවට අනතුරු ඇගවීමක්

නේපාලයට බලපෑ මහා ගංවතුර වැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ වුවද ඇති විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට රජයේ පාර්ශව තවදුරටත් කටයුතු කළ යුතු බවයි ඔහු පැවසුවේ. ඒ, නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් ද සිල්වා සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වලට සහාය දෙන්න ශ්‍රී ලංකාව සූදානම් බව ජනපති කියයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවු ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පලකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහායවීමට සූදානමින් සිටින බව ද ජනාධිපති … ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වලට සහාය දෙන්න ශ්‍රී ලංකාව සූදානම් බව ජනපති කියයි

නේපාලයේ මියගිය ගණන 160 ඉක්මවයි – නවතම තත්ත්වය ගැන එරට වැඩවසන හිමි නමක් නෙත් නිවුස් වෙත කතා කරයි

නේපාලයේ ඇතිවූ ගංවතුර සහ දැවැන්ත නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 160 ඉක්මවා ගොස් තිබෙනවා. අතුරුදන් වූවන් අතර ඉන්දියානුවන් සියයකට වැඩි පිරිසක්, ඇමෙරිකානුවන් 54 දෙනෙකු, ඕස්ටේ්‍රලියානුවන් 34 දෙනෙකු, බි්‍රතාන්‍ය ජාතිකයින් 33 දෙනෙකු සහ නේපාල වැසියන් 100 කට වැඩි පිරිසක් ඇතුළුව විදේශීය සහ දේශීය සංචාරකයින් සිය ගණනක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදාවට ලක්වූ පුද්ගලයන් මුදා … නේපාලයේ මියගිය ගණන 160 ඉක්මවයි – නවතම තත්ත්වය ගැන එරට වැඩවසන හිමි නමක් නෙත් නිවුස් වෙත කතා කරයි

කැබතිගොල්ලෑවේ රිය අනතුරකින් දින දහයක බිළිදෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්‍ෂයට

කැබතිගොල්ලෑව, ගෝනමැරියාව ප්‍රදේශයේ විහාරස්ථානය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒ අතර දින දහයක බිළිදෙකු ද වන බවයි පොලීසිය පැවසුවේ. පදවි ශ්‍රීපුර සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබතිගොල්ලෑව දෙසට ධාවනය වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් … කැබතිගොල්ලෑවේ රිය අනතුරකින් දින දහයක බිළිදෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්‍ෂයට

නේපාලයේ ගංවතුරෙන් මිය ගිය ගණන 162 ක් දක්වා ඉහළට – ජනපති අනුරත් සොව පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවු ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පලකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහායවීමට සූදානමින් සිටින … නේපාලයේ ගංවතුරෙන් මිය ගිය ගණන 162 ක් දක්වා ඉහළට – ජනපති අනුරත් සොව පළ කරයි

රුමේෂ් තරංග යළිත් ලොව පළමු තැනට

ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය යළිත් වරක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේදී ඉහළ දක්ෂතාවක් දක්වමිනුයි ඔහු මෙලෙස ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ ඇත්තේ. පසුගිය අගෝස්තු 21 වනදා පැවති එම තරගයේදී මීටර් 88.14 ක දුරක් … රුමේෂ් තරංග යළිත් ලොව පළමු තැනට

රටින් පලාගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 65ක් දිවයිනට

විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 65 දෙනෙකු මේ වන විට දිවයිනට රැගෙනවිත් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රටවල්වලට වෙනස්වීම හේතුවෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස් ලලිත් නැමැත්තා ගෙන්වීමට ප්‍රමාද වූ බවයි. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මේ … රටින් පලාගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 65ක් දිවයිනට