Nishan Neth News

එල් නීනෝ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 4 කට දැඩි බලපෑම් – විසඳුම් සෙවීමට අද විශේෂ සාකච්ඡාවක්

එල් නීනෝ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක හතරකට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වී ඇති බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙම දිස්ත්‍රික්ක හතරෙහි ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති බවයි. “එල් නිනෝ තත්ත්වයෙන් එන බලපෑම අවම කිරීම සඳහා වෙච්ච අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කරලා තියෙනවා. ඒ අදාළ ආයතනවල ප්‍රධානයින් සහ … එල් නීනෝ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 4 කට දැඩි බලපෑම් – විසඳුම් සෙවීමට අද විශේෂ සාකච්ඡාවක්

ලොව හොඳම එක්දින පිතිකරුවන් 10 දෙනා අතරට චරිත් අසලංක – කුසල් සහ පැතුම් පස්සට

ජාත්‍යන්තර ක්‍රිකට් එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩයමේ චරිත් අසලංක නවතම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ නවවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රේණිගත කිරීම් ලකුණු 659ක් ලබා ගනිමිනුයි අසලංක 10 වන ස්ථානයේ සිට 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ. මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩයමේ නායක කුසල් මෙන්ඩිස් එක් ස්ථානයක් පහත වැටී 12 වන ස්ථානයට … ලොව හොඳම එක්දින පිතිකරුවන් 10 දෙනා අතරට චරිත් අසලංක – කුසල් සහ පැතුම් පස්සට

මහල් නිවාසයකින් ඇද වැටී ළමයෙක් ජීවිතක්‍ෂයට

කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයක රැදී සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12ක් වූ ළමයෙකු බවයි පොලීසිය පැවසුවේ. ඔහු මහල් 14කින් සමන්විත එම මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර මෙලෙස පහළට ඇදවැටී ඇති බව … මහල් නිවාසයකින් ඇද වැටී ළමයෙක් ජීවිතක්‍ෂයට

මාස 02 ට ළමා හිංසන පැමිණිලි 1,000 පනී – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

පසුගිය මාස දෙක තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එහි නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ ළමුන් ගෘහස්ථ හිංසනයෙන් වළක්වා ගැනීමට මව්පියන් පියවර ගත යුතු බවයි. “ළමයින්ගේ භාරය සහ ආරක්ෂාව පිළිබඳව පැමිණිලි තමයි වැඩිපුරම ලැබෙන්නේ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත. ඒ … මාස 02 ට ළමා හිංසන පැමිණිලි 1,000 පනී – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

ආණ්ඩුව ගැන මහජන අනුමැතිය 50% ටත් වඩා අඩුවෙයි – ආර්ථිකය ගැනත් රට නොසතුටින්

ආණ්ඩුව සහ රටේ ආර්ථිකය පිළිබඳ මහජන විශ්වාසය කැපී පෙනෙන ලෙස පහළ වැටී ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි ඇති මහජන අනුමැතිය සියයට 50ටත් වඩා අඩු වී තිබීම විශේෂත්වයක්. රටේ ආර්ථිකය ඉදිරියේදී වඩා යහපත් වනු ඇතැයි තිබෙන විශ්වාසය ද සියයට 42ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදු කර තිබෙන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය … ආණ්ඩුව ගැන මහජන අනුමැතිය 50% ටත් වඩා අඩුවෙයි – ආර්ථිකය ගැනත් රට නොසතුටින්

නුවරඑළියේ යතුරුපැදි ධාවන තරඟයක් අතරතුර මාරාන්තික අනතුරක්

නුවරඑළියේ පැවති යතුරුපැදී ධාවන තරගයක් අතරතුර සිදුවූ බිහිසුණු අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අවස්ථාව ආවරණය කළ නෙත් නිව්ස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කෙරූනු බවයි. නුවරඑළිය මහා නගර සභාව සහ පෞද්ගලික සමාගමක් එක්ව තරඟය සංවිධාන කර තිබුණා. ඒ සීසී 400 යතුරුපැදි සඳහා. කාලය මනින … නුවරඑළියේ යතුරුපැදි ධාවන තරඟයක් අතරතුර මාරාන්තික අනතුරක්

රුසියාවෙන් යළිත් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර – කිව් අගනගරය දෙදරයි

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුධ ගැටුම් නැවතත් උත්සන්න වී තිබෙනවා. දෙපාර්ශ්වයම එකිනෙකාගේ භූමීන් ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේත් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ​රුසියාව එල්ල කළ නවතම ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ අවම වශයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන අගනුවර වන කියෙව් … රුසියාවෙන් යළිත් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර – කිව් අගනගරය දෙදරයි

ලොව අවලස්සනම සුනඛයා තරගයේ කිරුළ ජිනීට

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වෙන, ලෝක ප්‍රකට “ලොව කැතම සුනඛයා” තේරීමේ තරඟයේ 50 වන සංවත්සර කිරුළ හිමිකර ගැනීමට ‘ජිනී ලූ’ නම් පග් (Pug) වර්ගයේ සුනඛයා සමත්ව තිබෙනවා. සැන්ටා රෝසා හි පැවැති මෙම තරඟයේදී, අවුරුදු 6ක් වයසැති ‘ජිනී ලූ’ වෙනත් සුනඛයින් රැසක් පසුපසට තල්ලු කරමින් පළමු ස්ථානය දිනාගත් බවයි වාර්තා වන්නේ. මීට වසර හතරකට පෙර … ලොව අවලස්සනම සුනඛයා තරගයේ කිරුළ ජිනීට

අගුලානේ නාවික අනතුර ගැන සොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

අගුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීමට විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා. නාවික හමුදාව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්. පුහුණු සැසියා අවසන් කර ආපසු පැමිණෙමින් තිබූ යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වුනා. ඊයේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ 11 දෙනෙකු බේරා ගැනුණු අතර ඔවුන් තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර … අගුලානේ නාවික අනතුර ගැන සොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්