Nishan Neth News

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ගැන ඕමල්පේ සෝභිත හිමිත් කතා කරයි

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබද රජයේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්. රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් … ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ ගෝලයෙක් කොටුකර ගත් මෙහෙයුම

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඇල්ටෝ ධර්මේ‘ගේ සමීපතමයෙකු වන ‘දුමිඳුගේ‘ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ, ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ නිවාරණ හා දුෂණ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදීයී. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,000ක් සොයාගෙන තිබෙනවා. ඔහු රත්මලාන ශ්‍රී ඉන්ද්‍රජෝති පාර … ඇල්ටෝ ධර්මේගේ ගෝලයෙක් කොටුකර ගත් මෙහෙයුම

වට්ස්ඇප් එකෙන් නිරුවත පෙන්වා කප්පම් ගන්න තවත් ජාවාරමක් ගැන තොරතුරු

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අණාවරණ වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේ්‍යෂ්ඨ ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ නාදුන පුද්ගලයන් හරහා ලැබෙන කෙටි පණිවිඩයකින් මෙම ජාවාරම ආරම්භ වන බවයි. “අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා කලෙන් කාලෙට විවිධ ස්වරූපයෙන් වංචා පැමිණෙනවා. එතකොට මෑතකදී ඉතාමත් විශේෂිත … වට්ස්ඇප් එකෙන් නිරුවත පෙන්වා කප්පම් ගන්න තවත් ජාවාරමක් ගැන තොරතුරු

විධායක බලයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ නැහැ – ජනපතිගෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්

විධායක ජනාධිපති ධුරයේ බලතල භාවිත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටට සුබදායි වෙනසක් සිදු කිරීමට නම් අභියෝග භාර ගැනීමට සූදානම් විය යුතු බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. “මගේ … විධායක බලයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ නැහැ – ජනපතිගෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්

රුසියාවේ වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර – නෞකා 4 කට හානි

රුසියාවේ ප්‍රධානතම නොවොරොසිස්ක් වරාය ඉලක්ක කරගනිමින් යුක්‍රේනය විසින් එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් රුසියානු නාවික හමුදා නෞකා 4 කට සහ ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට දැඩි හානි සිදුව තිබෙනවා. මෙම ප්‍රහාරවලින් වයස අවුරුදු 08 ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා … රුසියාවේ වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර – නෞකා 4 කට හානි

බැකෝ සමන්ගේ මව ඝාතනය කළ හේතුව ගැන පොලීසියට සැකයක් – වෙඩික්කරුවන් ආ යතුරු පැදියත් සොයා ගැනේ

සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් රතු හා කළු හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක – මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක දමා ගොස් තිබියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා. ඒ, ඌරුබොක්ක පොලීසිය විසින්. මේ අතර ‘බැකෝ සමන්‘ නමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ … බැකෝ සමන්ගේ මව ඝාතනය කළ හේතුව ගැන පොලීසියට සැකයක් – වෙඩික්කරුවන් ආ යතුරු පැදියත් සොයා ගැනේ

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් මහතා නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා. වොෂිංටන්හි පිහිටි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව එරික් මේයර් මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවයේ අවසන් පූර්ව වටයට

ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මාලදිවයින පරාජය කරමින් තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයේ අවසාන ප්‍රතිඵලය වූයේ ලකුණු 78ට 33ක්. මෙය මෙම තරඟාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයයි. මීට පෙර පැවති තරඟවලදී ඉන්දියාව සහ මැලේසියාව ද පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. සිංගප්පූරුව හමුවේ ශ්‍රී ලංකාව … ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවයේ අවසන් පූර්ව වටයට