Nishan Neth News

පාස්පෝට් කාර්යාලයේ පරිගණක අවුල අවසන් – ග්‍රාම නිලධාරීන් දෙවන දිනටත් ලෙඩ වෙයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් අද පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බාධා එල්ල වී තිබුණා. මේ අතර සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ සේවාලාභීන්ට සිදුවන අපහසුතාවලට රජය වගකිව යුතු බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති නන්දන රණසිංහ … පාස්පෝට් කාර්යාලයේ පරිගණක අවුල අවසන් – ග්‍රාම නිලධාරීන් දෙවන දිනටත් ලෙඩ වෙයි

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා. එම කොමිසම මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණි බවයි වාර්තා වාර්තා වුණේ.

ජනපති සහ නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හෙට පස්වරු එකට විශේෂ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ පවතින ස්ථාවරය පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමට ද එම සංගමය පසුගියදා පියවර ගෙන තිබුණා. අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර … ජනපති සහ නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නතර වෙයිද?

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ නොහැකි බව නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම වැළැක්වීම සදහා දැනට පවතින ක්‍රමවේදවලට එහා ගොස් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. ”එහෙම කරලා පෙන්නුවයි කියලා මිනිස්සු ඒකෙන් මිදෙන්න කටයුතු වෙන්නේ නැහැ. … මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නතර වෙයිද?

කොලොම්බියා භූ කම්පනයෙන් මිය ගිය පිරිස තවත් ඉහළට

කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශය මූලික කරගනිමින් සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට බලධාරීන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාවද 480 ඉක්මවා ඇති බවයි. කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් … කොලොම්බියා භූ කම්පනයෙන් මිය ගිය පිරිස තවත් ඉහළට

ග්‍රාම නිලධාරීන් අදත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරින් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද දිනයේද කිසිදු ග්‍රාම නිලධාරි කාර්යාලයක රාජකාරී සිදුනොවන බවයි ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පැවසුවේ. ග්‍රාම නිලධාරීන් සඳහා වෙන්කර ඇති රුපියල් 600 ක ගමන් වියදම් දීමනාව වසර 08කින් ඉහළ නොදැමීම ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක … ග්‍රාම නිලධාරීන් අදත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන තැත තැන තවදුරටත් කතාබහ

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් සංවාද ඇතිවෙමින් පවතිනවා. විනිසුරුවරුන්ගේ ධුර කාලය වැඩි කිරිම මගින් නඩු ප්‍රමාදය වැළැක්විය හැකිද යන්න සම්බන්ධයෙන්ද එහිදී ප්‍රශ්න කෙරෙනවා. මේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා. “නඩු ගොඩගැහිලා තියෙනවා නම්, ඒ පිළිබඳව අජිත් මාන්නප්පෙරුම වාර්තාව තියෙනවා 2017. ආසියානු සංවර්ධන බැංකුවෙන් කරපු 2023 වාර්තාවක් … අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන තැත තැන තවදුරටත් කතාබහ

ලොව පුරා පවතින කාලගුණික විපර්යාස හමුවේ, ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයට

ලොව පුරා පවතින කාලගුණික විපර්යාස හමුවේ, ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ ජූලි මාසයක වාර්තා වූ ඉහළම අගයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුරෝපා සංගමයේ කොපර්නිකස් කාලගුණ විපර්යාස සේවාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, පැසිෆික් සාගරයේ වර්ධනය වන ‘එල් නිනෝ‘ තත්ත්වය සහ මානව ක්‍රියාකාරකම් නිසා සිදු වන ගෝලීය උණුසුම් වීම මෙසේ … ලොව පුරා පවතින කාලගුණික විපර්යාස හමුවේ, ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයට

කොළොම්බියාවේ දරුණු භූ කම්පනයකින් පුද්ගලයන් 111 දෙනෙකු මරුට

කොලොම්බියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා අනාවරණ කළේ මේ වනවිට රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි. බලපෑමට ලක්වූ ප්‍රදේශවල කඩා වැටුණු ගොඩනැගිලි අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පනය කොලොම්බියාවේ … කොළොම්බියාවේ දරුණු භූ කම්පනයකින් පුද්ගලයන් 111 දෙනෙකු මරුට