Nishan Neth News

ශිෂ්‍යත්වයේ වැරදුණු ප්‍රශ්ණයට ලකුණු දෙනවාද නැද්ද – තීරණය විමර්ෂණයෙන් පසුව

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්වන ගැටළු සියල්ල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. නෙත් නිවුස් වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ සෑම ගැටළුවක් සම්බන්ධයෙන්ම වෙන් වෙන්ව සොයා බලන බවයි. කෙසේ වෙතත් විභාගය නැවත පැවැත්වීමට හෝ අවලංගු කිරීමට තරම් ගැටළුවක් වාර්තා නොවන බවද … ශිෂ්‍යත්වයේ වැරදුණු ප්‍රශ්ණයට ලකුණු දෙනවාද නැද්ද – තීරණය විමර්ෂණයෙන් පසුව

ගණේමුල්ල සංජිව ඝාතනය සිද්ධියට රිමාන්ඩ් කළ ඉෂාර සෙව්වන්දි රැදවූ තැන

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටිනවා. ඊයේ පස්වරුවේ ඇය එම බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රැදවුම් භාරයේ සිටි එම සැකකාරිය ඊයේ දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයයේ නිලධාරීන් විසින්. එහිදී විමර්ශනවල … ගණේමුල්ල සංජිව ඝාතනය සිද්ධියට රිමාන්ඩ් කළ ඉෂාර සෙව්වන්දි රැදවූ තැන

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම – මාතෘකාව යළි කරළියට – කාදිනල් හිමිගෙන් විරෝධයක්

බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට … මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම – මාතෘකාව යළි කරළියට – කාදිනල් හිමිගෙන් විරෝධයක්

පොහොට්ටුවේ මහලේකම්ට ඇප

  පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. එමෙන්ම සාගර කාරියවසම් මහතාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.

ආමර් වීදියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට – සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතිවරයෙකු බවටත් තොරතුරු

ආමර් වීදිය පොලිස් වසමේ සූරතිස්ස මාවතේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ඥාතිවරයෙකු බවයි. එම පුද්ගලයා යකඩ භාණ්ඩ අළෙවි සැලක හිමිකරුවෙකු වනවා. වෙඩි ප්‍රහාරයට ලක් වූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ආමර් වීදියේ වෙඩි තැබීමක්

ආමර් වීදිය පොලිස් වසමේ සූරතිස්ස මාවතේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ යකඩ භාණ්ඩ අළෙවි සැලක හිමිකරුවෙකු ඉලක්ක කර එම වෙඩි තැබීම සිදුව ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ශිෂ්‍යත්ව දෙවන ප්‍රශ්න පත්‍රයේ ගැටළුවක් ගැන අනාවරණයක් – කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව කියයි

ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයක් පිළිබද මේ වනවිට කතා බහට ලක් වනවා. සිසුන් සහ මව්පියන් කියා සිටියේ අටෙන් බෙදෙන ගණිත ගැටළුවක් පිළිබද එහි සදහන්ව තිබූ බවයි. එවැනි ප්‍රශ්න පිළිබද පාසලේදී සාකච්ඡා කර නොමැති බවද ඔවුන් පවසනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන්ගෙන්ද විමසීමක් කළා. ”ඔව්, ඇත්තටම මේ… ඔය … ශිෂ්‍යත්ව දෙවන ප්‍රශ්න පත්‍රයේ ගැටළුවක් ගැන අනාවරණයක් – කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව කියයි

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයේ පළ කළ පිරිසට වැඩ වරදී

ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ද පැමිණිලි කරන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට 25 … ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයේ පළ කළ පිරිසට වැඩ වරදී

පොහොට්ටුවේ මහලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. පොලිස්පතිවරයා සම්බන්ධව ඔහු මීට පෙර කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට මධ්‍යම අපාරාධ විමර්ශන කාර්යාංශය වෙත සාගර කාරියවසම් මහතා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපති සහ මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ … පොහොට්ටුවේ මහලේකම් අත්අඩංගුවට