Nishan Neth News

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල දෙන දවස ගැන අනාවරණයක්

ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ලබන 20 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ඇගයීම් කටයුතු ලබන 25 වනදා දක්වා සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වනදාට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග … ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල දෙන දවස ගැන අනාවරණයක්

උසස් පෙළ විභාගය අද ඇරඹේ – අයදුම්කරුවන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් විභාගයට

උසස් පෙළ විභාගය අද ආරම්භ වනවා එය ලබන සැප්තැම්බර් 5 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 40,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් දෙලක්‍ෂ 46,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපර්තමෙන්තු සදහන් කළේ. විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් … උසස් පෙළ විභාගය අද ඇරඹේ – අයදුම්කරුවන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් විභාගයට

වැඩි මිලට යතුරුපැදි විකුණූ වෙළෙඳසැල් 03කට වැඩ වරදී

වැඩ් මිලට යතුරු පැදි අළෙවි කළ වෙළෙඳ සැල් 3කට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.   ඒ, යතුරු පැදිවල මිල ගණන් වෙනස් කිරීම සහ නිල අලෙවි නියෝජිත සමාගම විසින් නියම කර තිබූ මිල ඉක්මවා වැඩි මිලට යතුරුපැදි අලෙවි කිරීමේ චෝදනා යටතේයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම වෙළඳ සැල් තුනට එරෙහිව නඩු පවරා … වැඩි මිලට යතුරුපැදි විකුණූ වෙළෙඳසැල් 03කට වැඩ වරදී

සුප්‍රකට Green Boots අභිරහස විසඳෙයි – මළ සිරුර එවරස්ට් කඳු මුදුනේ සිට පහළට ගෙන ඒමට මෙහෙයුමක්

ග්‍රීන් බූට්ස් නමින් ලොව ප්‍රකට වූ එවරස්ට් කඳු මුදුනේ වසර 30ක් පමණ තිස්සේ ගල්වී ඇති මළ සිරුර පහළට ගෙන ඒම සඳහා ඉන්දියාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම මළ සිරුර 1996 වසරේදී එවරස්ට් තරණය කිරීමේදී මියගිය ඉන්දියානු කඳු නගින්නෙකුගේයි. ඔහු පැළඳ සිටි ලා කොළ පැහැති කඳු නගින සපත්තු යුගළක් හේතුවෙන් මළ සිරුර ග්‍රීන් බූට්ස් නමින් ලොව … සුප්‍රකට Green Boots අභිරහස විසඳෙයි – මළ සිරුර එවරස්ට් කඳු මුදුනේ සිට පහළට ගෙන ඒමට මෙහෙයුමක්

බන්ධනාගාරයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා. එලෙස පත් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතායි. මීට පෙර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඒ.සී. ගජනායක මහතා කටයුතු කළා.    

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව ඇරඹෙයි – මහරගම අපේක්ෂා රෝහලේත් විභාග මධ්‍යස්ථානයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ නියමිත වේලාවට සියලු මධ්‍යස්ථානවලදී ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පළමුවෙන්ම දෙවැනි ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු සැපයීමට සිසුන්ට අවස්ථාව ලබාදුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ. ඒ පෙරවරු 9:30 සිට 10:45 දක්වා පැය එකයි විනාඩි 15 ක කාලයක්. පළවෙනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 11:15 සිට 12:15 දක්වා … ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව ඇරඹෙයි – මහරගම අපේක්ෂා රෝහලේත් විභාග මධ්‍යස්ථානයක්

අයිස් – හෙරොයින් සමඟ  ශ්‍රීලනිප මැදිරිගිරිය බලමණ්ඩල සභාපති බිරිඳ සමග අත්අඩංගුවට

  අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව, මැදිරිගිරිය ආසන බලමණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ අවුරුදු  44ක් සහ 34ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සහ සැකකාරිය යතුරුපැදියකින් ගමන් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ‘ලොකේෂන්’ තැබීමට යාමේදී  අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව … අයිස් – හෙරොයින් සමඟ  ශ්‍රීලනිප මැදිරිගිරිය බලමණ්ඩල සභාපති බිරිඳ සමග අත්අඩංගුවට

LPL ශූරතාව දසුන්ගේ ගෝල් පිළට

මෙවර LPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වය දෙන ගෝල් ගැලන්ටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ රාත්‍රී පැවති අවසන් මහා තරඟයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්. තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 123ට සියලු දෙනා දැවී ගියා. වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ කමිල් මිශාරයි. ඔහු පන්දු … LPL ශූරතාව දසුන්ගේ ගෝල් පිළට

ඉන්දියානු නැව් සංස්ථාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 720ක දැවැන්ත ජාත්‍යන්තර නැව් නිෂ්පාදන ටෙන්ඩරයක්

ඉන්දියානු නැව් සංස්ථාව විසින් කන්ටේනර් ප්‍රවාහන නෞකා හයක් නිෂ්පාදනය කිරීම සඳහා වන සිය ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර ටෙන්ඩරය කැඳවා තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 720ක් (ඉන්දියානු රුපියල් කෝටි 6,858ක් පමණ) වේ. ET Infra වාර්තාවකට අනුව, විසිපහේ කන්ටේනර් (TEU) 8,000 බැගින් ප්‍රවාහනය කළ හැකි ධාරිතාවයෙන් යුත් නෞකා හයක් නිෂ්පාදනය කිරීම මෙම ටෙන්ඩරයට ඇතුළත් … ඉන්දියානු නැව් සංස්ථාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 720ක දැවැන්ත ජාත්‍යන්තර නැව් නිෂ්පාදන ටෙන්ඩරයක්