Nishan Neth News

නාමල් අධිකරණයට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 29 වනදා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවයි – මරණත් 61 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 84,091 ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 61 ක්. මෙම ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 28,717 ක් වාර්තා වනවා. මේ අතර තවමත් … ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවයි – මරණත් 61 දක්වා ඉහළට

වත්තල සාදයකට වෙඩි තැබූ සිද්ධියට ගෑවුණු සැකකරුවෙකු අත්අඩංගුවට

වත්තල, කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ පසුගියදා පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින්. එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදූව, මූකලන්ගමුව ප්‍රදේශයේදීයි. අදාළ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබා ගැනීමට මෙම සැකකරු සිය ගිණුමෙන් මුදල් බැර කර … වත්තල සාදයකට වෙඩි තැබූ සිද්ධියට ගෑවුණු සැකකරුවෙකු අත්අඩංගුවට

රටම බලා සිටින රන් පදක්කම – රුමේෂ් තරංග පොදු රද මඩළු ක්‍රීඩා උළෙලේ අද තරග බිමේ

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රන් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග අද තරග බිමට පිවිසෙනවා. ඒ හෙල්ල විසිකිරීම ඉසව්ව සඳහායි. හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ ද සහභාගී වනවා. මේ අතර මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා. ඒ … රටම බලා සිටින රන් පදක්කම – රුමේෂ් තරංග පොදු රද මඩළු ක්‍රීඩා උළෙලේ අද තරග බිමේ

ජනපති කතරගමට

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කෙරුණා. පෙරහර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් වුණා. ඊයේ පස්වරුවේ පළමුව ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා … ජනපති කතරගමට

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික … ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

එල්ල කළ ප්‍රහාරයට ඉරානයෙන් පළි ගන්නා බව ට්‍රම්ප් කියද්දී ලෝක වෙළද පොළේ බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව එයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉරාන – අමෙරිකා ගැටුම කෙටි කාලීනව හෝ විසඳෙනු ඇතැයි පැවති අපේක්ෂා බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවන් පසුබිමක් තුළ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී බ්‍රෙන්ට් වර්ගයේ … එල්ල කළ ප්‍රහාරයට ඉරානයෙන් පළි ගන්නා බව ට්‍රම්ප් කියද්දී ලෝක වෙළද පොළේ බොරතෙල් මිල යළි ඉහළට

2026 වසරේ ගෙවුණු කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්‍ෂ 13 පනී

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, මෙම වසරේ ජනවාරි 1 වනදා සහ ජූලි 26 වනදා අතර කාලය තුළ සංචාරක පැමිණීම් දහතුන් ලක්ෂ දහතුන්දහස් නවසිය හැත්තෑ හතරක් ලෙස වාර්තා වී තිබෙනවා. ජූලි මස පළමු දින 26 … 2026 වසරේ ගෙවුණු කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්‍ෂ 13 පනී

විපක්ෂයේ කණ්ඩායම් යළි එකට එක්වීමේ යටි අරමුණ ගැන ඇමති සුසිල්ගෙන් නෙත් නිවුස් රතු කට්ටේදී අනාවරණයක්

විපක්ෂයේ කණ්ඩායම් යළිත් එකට එක්ව කටයුතු කිරීම කිසිසේත්ම ආණ්ඩුවට තර්ජනයක් නොවන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් එකට එක්ව සිටින්නේ පසුගිය ආණ්ඩු සමය තුළ සිදු වූ වංචා දූෂණවලට නීතිය ක්‍රියාත්මක කිරීම නතර කර ගැනීමේ අරමුණින් බවයි. නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් … විපක්ෂයේ කණ්ඩායම් යළි එකට එක්වීමේ යටි අරමුණ ගැන ඇමති සුසිල්ගෙන් නෙත් නිවුස් රතු කට්ටේදී අනාවරණයක්