Nishan Neth News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන ජනපති සමග යළි කතා කරන්න අධිකරණ ඇමති එකඟතාවක – සාකච්ඡාවේදී සිදුවූ සියල්ල නීතිඥ සංගමය හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ පස්වරුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා … විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන ජනපති සමග යළි කතා කරන්න අධිකරණ ඇමති එකඟතාවක – සාකච්ඡාවේදී සිදුවූ සියල්ල නීතිඥ සංගමය හෙළි කරයි

පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාර ශ්‍රී ලංකා රිදී පදක්කමෙන් සරසයි

මෙවර පොදුරාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා. ඒ පැරා කව පෙත්ත විසි කිරීමේ පිරිමි ඉසව්වට සහභාගි වෙමින්. මෙහිදී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වූ පාලිත බණ්ඩාර තරගයේ රිදී පදක්කම දිනා ගත්තා. ඔහුගේ දක්ෂතාව මීටර 46යි සෙන්ටිමීටර් 84 ක්. වේල්සය නියෝජනය කරන ඇලඩ් ඩේවිස් තරගයේ රන් පදක්කම දිනා … පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාර ශ්‍රී ලංකා රිදී පදක්කමෙන් සරසයි

මත්ද්‍රව්‍ය ජාවාරමේ පැටළුණු උප පොලිස් පරීක්ෂකවරයෙකුට වැඩ වරදී

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන දෙහිවල පොලිස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ දෙහිවල පොලිස්ථානාධිපතිවරයා විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි. අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වසර තුනකට ආසන්න කාලයක් පොලිස් සේවයේ නිරත වූ අයෙක් . ඔහු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි … මත්ද්‍රව්‍ය ජාවාරමේ පැටළුණු උප පොලිස් පරීක්ෂකවරයෙකුට වැඩ වරදී

අනවසරයෙන් දුරකථන රැහැන් කැපීමට යාමේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට 

අනවසරයෙන් දුරකථන රැහැන් කැපීමට යාමේදී විදුලි සැර වැදී  පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය, 04 වන පටුමග පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ. ඉහළ වැලිකඩ මාර්ගයේ, මාදින්නාගොඩ පාරට හැරෙන හන්දිය අසල ඇද තිබූ දුරකථන රැහැන් අනවසරයෙන් කැපීමට යාමේදී, ආසන්නයේ තිබූ විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. විදුලි සැර වැදුණු එම පුද්ගලයා … අනවසරයෙන් දුරකථන රැහැන් කැපීමට යාමේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට 

පැරා මෝටර් යන්ත්‍රයක් මුහුදට කඩා වැටී විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීම ගැන විමර්ශන

බෙන්තොට, ජනාධිපති නිවාඩු නිකේතනය ඉදිරිපිට මුහුදු තීරයේදී සංචාරකයින් රැගෙන පියාසර කරමින් තිබූ පැරා මෝටර් යන්ත්‍රයක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදට කඩා වැටීමෙන් අනතුරකින් පලස්තීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී යන්ත්‍රයේ නියමුවා ලෙස කටයුතු කළ කොලොම්බියානු ජාතික ජොනතන් රෙස්ට්‍රෙපෝ ලෝපේස් (Restrepo Lopez Johnatan) නමැත්තා දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා. කෙසේවෙතත්, එහි ගමන් ගත් මනාල් ඉබ්‍රාහිම් … පැරා මෝටර් යන්ත්‍රයක් මුහුදට කඩා වැටී විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීම ගැන විමර්ශන

පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බවට අනාවරණය වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුවේ 2025 වසර සඳහා වන වාර්ෂික කාර්යසාධන වාර්තාව මගිනුයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මගින් පාර්ලිමේන්තුවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් සිදුකළ ඇගයීමකදී මේ බව තහවුරු වී තිබෙනවා. එහිදී පරීක්ෂාවට ලක්කළ කරුණු 56 අතුරින් කරුණු 46 … පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක්

මෙට්‍රෝ බස් රථ 104 ක් රැගත් නෞකාව කොළඹ වරායට

2025 අයවැය යෝජනාවලට අනුව පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස ආනයනය කරන ලද මෙට්‍රෝ බස් රථ 104 ක් රැගත් නෞකාව අද (29) පස්වරුවේ කොළඹ වරායට ළඟාවුණා. ​නාගරික සුඛෝපභෝගී ප්‍රවාහන වැඩපිළිවෙළ යටතේ නවීන සහ සුවපහසු තාක්ෂණයෙන් යුතුව මෙම බස් රථ ගෙනවිත් තිබෙනවා. ​මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් … මෙට්‍රෝ බස් රථ 104 ක් රැගත් නෞකාව කොළඹ වරායට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩිව පෙනී සිටී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා. ​අද (29) උදෑසන පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රජීව් අමරසූරිය මහතා කියා සිටියේ, … විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩිව පෙනී සිටී

අස්වැන්නක වරුණ – දුම්මලදෙණිය වැව අසලදී

  අස්වැන්නක වරුණ 2026 කෘෂිකාර්මික සහ සංස්කෘතික වැඩසටහන දුම්මලදෙණිය වැව අසලදී සාර්ථකව පැවැත්වුණා. එම වැඩසටහන සංවිධාන කර තිබුණේ වෙන්නප්පුව ප්‍රාදේශී ලේකම් කාර්යාලයයි.