Nishan Neth News

යුද උණුසුම මැද තවත් ඉහළ ගිය බොරතෙල් මිල

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.35ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම බොරතෙල් බැරලයක මිල එලෙස … යුද උණුසුම මැද තවත් ඉහළ ගිය බොරතෙල් මිල

ලෙඩ වූ වනජීවි නිලධාරීන් සමග සාකච්ඡා කරන්න දෙපාර්තමේන්තුව සූදානමින්

අසනීප නිවාඩු වාර්තා කර අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනජීවි නිලධාරීන් කොළඹට පැමිණ සිටිනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් ඔවුන් අද මෙලෙස වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වනවා. ඊට සිය විරෝධය පළ කිරීම සඳහායි එම නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද … ලෙඩ වූ වනජීවි නිලධාරීන් සමග සාකච්ඡා කරන්න දෙපාර්තමේන්තුව සූදානමින්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ගින්නක්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ විදුලි පද්ධතියක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එම පද්ධතියට හානි සිදුව තිබෙනවා. කෙසේවෙතත් ඉන් වෙනත් හානියක් හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් නියෝජිත සම්පත් කුලරත්න පැවසුවේ. ගින්න නිවා දමා ඇත්තේ කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින්. හටගත් ගින්න හේතුවෙන් කළුතර … කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ගින්නක්

වනජීවී නිලධාරීන් අද ලෙඩ වෙයි – මහා උද්ඝෝෂණයකට ඔක්කොම කොළඹට

වනජීවී නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කර අද වෘතිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසනවා. ඔවුන් කියා සිටියේ සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට එළඹෙන බවයි. සිය විරෝධය අවධාරණය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය … වනජීවී නිලධාරීන් අද ලෙඩ වෙයි – මහා උද්ඝෝෂණයකට ඔක්කොම කොළඹට

සැප රියකින් අයිස් මත්ද්‍රව්‍ය ඇද්ද තරුණයෙකු සහ තරුණියක් අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු සහ තරුණියක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලැබුණු රහසිගත තොරතුරකට අනුව පොළොන්නරුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 72කට අධික ප්‍රමාණයක් සහ තරුණිය සන්තකයේ තිබී ග්‍රෑම් 6 කට අධික ප්‍රමාණයක් සොයාගත් පොලීසිය පැවසුවේ. … සැප රියකින් අයිස් මත්ද්‍රව්‍ය ඇද්ද තරුණයෙකු සහ තරුණියක් අත්අඩංගුවට

වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය යළි ඇරේ

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වනවා. ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්වවිද්‍යාලය වසා දැමුණේ පසුගිය 2 වනදායි. මේ අතර වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වී තිබෙනවා. ඒ අතරින් පුද්ගලයන් 47 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි ජාතික … වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය යළි ඇරේ

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දෙවන වරටත් ඉතාලියේ යානික්ට

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය අඛණ්ඩව දෙවන වරටත් දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් වී තිබෙනවා. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජයට පත්කරමින්. ඊයේ පැවති අවසන් තරගයේදී යානික් විසින් ස්වේරෙව් 6ට 7ක්, 7ට 6, 6ට 3ක් සහ 6ට 4ක් ලෙස පරාජයට පත් කළා. ඔහු පසුගිය වසරේ පැවති තරගයේ දී ද මෙම ශුරතාව … විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දෙවන වරටත් ඉතාලියේ යානික්ට

තැන තැන සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුට දිවි අහිමි වෙයි

මොණරාගල, මාගන්දනමුල්ල මාර්ගයේ ළිදේකඩේ හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මොණරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බවයි. එහිදී යතුරුපැදිකරු සහ ලොරි රථෙය් රියැදුරු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මොණරාගල … තැන තැන සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුට දිවි අහිමි වෙයි

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් වළක්වා ගැනීම සඳහා පාසල් තුළදී නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට පාසල් සිසුන්ට අවසර ලබාදෙන ලෙසට විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමට සිසුන් දැනුම්වත් කරන ලෙසටද විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවසුවේ. මේ අතර වසරේ මේ … අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්