Nishan Neth News

හෝමූස් හරහා ගමන් කරන නෞකාවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර – අමෙරිකාවෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නැව්වලට පසුගිය පැය කිහිපය තුළ වෙඩි තබා ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ගුවන් යානා මේ වන විට ඉරාන කෲස් මිසයිලයක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බවයි එම අණදෙන … හෝමූස් හරහා ගමන් කරන නෞකාවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර – අමෙරිකාවෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර

බැංකොක් රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – පුද්ගලයන් 27කට දිවි අහිමි වෙයි

තායිලන්තයේ බැංකොක් නුවර රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් විසි හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා. බැංකොක් නුවර ප්‍රසිද්ධ අවන්හලක් සහ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වන ”රොන්ග් බියර් නා ලට් ප්‍රාඕ” නමැති රාත්‍රී සමාජ ශාලාවේයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් නව දෙනෙකු සහ කාන්තාවන් දහඅට දෙනෙකු සිටින බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනූටින් … බැංකොක් රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – පුද්ගලයන් 27කට දිවි අහිමි වෙයි

ගොවී ඉල්ලීම් පසෙකලා මණ්ඩලය අද සිට වී මිලදී ගනී

2026 යල කන්නයේ වී මිලදී ගැනීම අදින් ආරම්භ වනවා. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මෙම දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිත වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් එලෙස ආරම්භ කරන බවයි. රජය අද දිනයේ සිට වී මිලදී ගැනීම ආරම්භ කළද ගොවීන් තවදුරටත් චෝදනා කරන්නේ වී මිලදී ගැනීම සදහා නියම කර … ගොවී ඉල්ලීම් පසෙකලා මණ්ඩලය අද සිට වී මිලදී ගනී

ලොව වැඩිම මාර්ග තදබදය පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන තැනට

ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයට ශ්‍රේණිගත වී තිබෙනවා. මීට අනුව ආසියානු කලාපයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රට වන්නේද ශ්‍රී ලංකාවයි. පාරිභෝගික මිල ගණන් සහ ජීවන තත්ත්වයන් පිළිබඳ දත්ත රැස්කරන ජාත්‍යන්තර ‘නම්බියෝ‘ වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. ඒ 2026 මැද කාර්තුව සඳහායි. ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ වැඩිම … ලොව වැඩිම මාර්ග තදබදය පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන තැනට

මහින්ද ගැන අනුර පෙර කියූ කතාවක් සී බී හෙළි කරයි

මහින්ද රාජපක්ෂ මහතා රටේ සංස්කෘතියක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පැවසූ බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක පවසනවා. ගිනිගත්හේන සමූපකාර ශාලාවේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ කොට්ඨාස නියෝජිත හමුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. එහිදී මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී බී රත්නායක මහතා කියා සිටියේ , … මහින්ද ගැන අනුර පෙර කියූ කතාවක් සී බී හෙළි කරයි

දිවයිනේ වයස්ගතම කාන්තාව අයූෂ 114කින් දිවි සසරට සමු දෙයි

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි රැඹෑව, සංගිලිකනදරාව ,ඩී.එස් සේනානායක මාවතේ පදිංචිව සිටි පුංචාගේ කලු‍මැණිකා මෑණියන් සිය දිවි සසරට සමු දී තිබෙනවා. මිය යන විට ඇය 114 වියේ පසු වුණා. දරුවන් 12 දෙනෙකුගේ මවක් වන කලුමැණිකා මෑණියන් 5 වන පරම්පරාව දැක දරු මුනුබුරු 325කට අධික පිරිසක් සියසින් දැක ගැනීමට වාසනාවන්ත වී තිබෙනවා.  

නෙත්මි මදුෂානීගෙන් සුපිලි පැනිල්ලක් – ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කක් දිනාදීමට නෙත්මි මදුෂානී හේරත් අද සමත් වුණා. ඒ, කාන්තා තුන් පිම්ම ඉසව්වෙන්. මෙහිදී ඇය දැක්වූ දක්ෂතාව මීටර් 13 යි දශම 2යි 5ක්. ඒ අනුව මෙවර ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දැන් දිනාගෙන ඇති මුළු පදක්කම් ගණන … නෙත්මි මදුෂානීගෙන් සුපිලි පැනිල්ලක් – ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්

ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රී රිමාන්ඩ්

ගිනි අවියක් නීති විරෝධීව ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි. එම මන්ත්‍රීවරයා අදාළ ගිනි අවිය සමග අත්අඩංගුවට ගනු ලැබුවේ මීටියාගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි. ඒ, රිපිටර් වර්ගයේ ගිනි අවියක් නීති විරෝධීව මගින් … ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රී රිමාන්ඩ්

අධිකරණ ඇමති ජාතියෙන් සමාව ගත යුතුයි – විපක්‍ෂයෙන් යළිත් ගෝරණාඩුවක්

ජනතාව සිය පක්‍ෂයට බලය ලබාදී ඇත්තේ විපක්‍ෂය පවසන අවස්ථාවලදි ඉල්ලා අස්වීමට නොවන බව ජාතික ජනබලවේගය පවසනවා. සිය පක්‍ෂය බලය අත්හරින්නේ රටේ ජනතාව ප්‍රතික්‍ෂේප කරන දිනයකදී පමණක් බවයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවිර මහතා පැවසුවේ. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු නැතැයි ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා පැවසුවා. කෙසේවෙතත් සමගි … අධිකරණ ඇමති ජාතියෙන් සමාව ගත යුතුයි – විපක්‍ෂයෙන් යළිත් ගෝරණාඩුවක්