Nishan Neth News

හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා තුනකට ප්‍රහාර එල්ල කළාට ඇමරිකානු හමුදාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

  ​හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව විසින් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන බලකාය හෙවත් සෙන්ට්කොම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජාත්‍යන්තර මුහුදු මාර්ගයක ගමන් කළ අහිංසක සිවිල් වැසියන් රැගත් වෙළඳ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළ බවයි. … හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා තුනකට ප්‍රහාර එල්ල කළාට ඇමරිකානු හමුදාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

මීගමුවෙන් මාරු කෙරුණු රැඳවියන්ට පහර දෙනවා – සිරකරු සංගමයක් කියයි

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත්  බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට  එම බන්ධනාගාර තුළදී දරුණු ලෙස කායික වද හිංසාවන්ට ලක්වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන් වෙත තොරතුරු ලැබෙමින් පවතින බවයි . ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ සිට මාරුකර යැවූ සියලුම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි … මීගමුවෙන් මාරු කෙරුණු රැඳවියන්ට පහර දෙනවා – සිරකරු සංගමයක් කියයි

ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක, වෙළෙඳ සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්ගෙන් දැවැන්ත ගිවිසුම් රැසක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ අතර ජකර්තා නුවරදී පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡා වටය ඓතිහාසික ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් සාර්ථකව නිමාවට පත්ව ඇත. දෙරටේ සමුද්‍රීය ආරක්ෂාව සහ තීරණාත්මක ඛනිජ සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු විය. මෙම සාකච්ඡාවල කැපී පෙනෙනම පුවත වූයේ ආරක්ෂක අංශයට අදාළ එකඟතාවන්ය. ඒ අනුව, ඉන්දියාව සතු … ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක, වෙළෙඳ සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්ගෙන් දැවැන්ත ගිවිසුම් රැසක්

සියලු ජ්‍යේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් හෙට කොළඹට කැදවයි

සියලු‍ බන්ධනාගාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) කොළඹට කැදවා තිබෙනවා. ඒ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය වෙනත් බන්ධනාගාරවල ඇතිවීම වළක්වා ගැනීම සදහා ගත යුතු අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. ඒ අනුව එම විශේෂ සාකච්ඡාව හෙට පෙරවරු 7.30ට පැවැත්වීමට නියමිතයි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ … සියලු ජ්‍යේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් හෙට කොළඹට කැදවයි

නාමල්ට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාල නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කරන … නාමල්ට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

හමාස් සංවිධානය ගාසා හි බලය අත්හරී – අයුධ අතහැරීම ගැන තීරණය තවම වැට උඩ

වසර විස්සකට ආසන්න කාලයක් ගාසා තීරයේ පවත්වාගෙන ගිය සිවිල් පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීමට හමාස් සංවිධානය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ මැදිහත් වීමෙන් සකස් කෙරුණු විශේෂ සාම සැලැස්මකට අනුව මෙම තීරණය ගත් බවයි හමාස් සංවිධානය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ඒ අනුව ගාසා තීරයේ දෛනික සිවිල් පාලන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා, විශේෂඥයින්ගෙන් සැදුම්ලත් අන්තර්කාලීන … හමාස් සංවිධානය ගාසා හි බලය අත්හරී – අයුධ අතහැරීම ගැන තීරණය තවම වැට උඩ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත වාර්තාගත බෝනස් මුදලක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම, සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2025 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ඔවුන් ප්‍රකාශයට පත්කර ඇති බෝනස් මුදල රුපියල් කෝටි 1,460ට අධිකයි. මෙය ඉතිහාසයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ද වනවා. 2006 වසරේ සිට මේ දක්වා … ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත වාර්තාගත බෝනස් මුදලක්

ශෂීන්ද්‍ර රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදුවුණා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුව බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර … ශෂීන්ද්‍ර රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

දේශපාලන හයිය පෙන්නන්න ආ ට්‍රම්ප්ට බෙල්ජියම් ක්‍රීඩකයන්ගෙන් සැරටම පිළිතුරක් – අමෙරිකාව එළියට විසිකර බෙල්ජියම අර්ධ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සම සත්කාරක අමෙරිකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල බෙල්ජියම අද සමත් වුණා. අවසන් තරග ප්‍රතිඵලය ගෝල 4 කට 1 ක්. පාපන්දුවට පෙම් බදින ලෝකයේ බොහෝ දෙනෙකු මෙම තරගය පිළිබද දැඩි අවධානයකින් බලා සිටියා. ඒ, තරගයට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆීෆා ආයතනයට කළ අත්තනෝමතික බලපෑම සහ … දේශපාලන හයිය පෙන්නන්න ආ ට්‍රම්ප්ට බෙල්ජියම් ක්‍රීඩකයන්ගෙන් සැරටම පිළිතුරක් – අමෙරිකාව එළියට විසිකර බෙල්ජියම අර්ධ අවසන් පූර්ව වටයට