Nishan Neth News

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ගැන සභාව කල් තැබීමේ විවාදයක් පස්වරුවේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව පස්වරු 3.30 සිට 6.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි ආණ්ඩු පක්‍ෂයද එකඟතාව පළ කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවද අවලංගු කර අධිකරණ අමාත්‍යවරයා මෙම … මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ගැන සභාව කල් තැබීමේ විවාදයක් පස්වරුවේ

ගැටුම අතරතුර සිදුවූ වෙඩි තැබීම් ගැන මැතිසබයේදී ප්‍රශ්නයක් – එහෙම කළේ කොහොමද? විපක්‍ෂය අහයි

මීගමුව බන්ධනාගරයේ ඇතිවූ ගැටුම අතරතුර ආරක්ෂක අංශ නිළධාරීන් වෙඩි තැබීමක් සිදුකළේද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එහිදී විමසා සිටියේ එම වෙඩි තැබීම කුමන වර්ගයේ උණ්ඩ භාවිත කර සිදුකළේද යන්නයි. මන්ත්‍රීවරයා යොමු කළ එම ප්‍රශ්ණයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පිළිතුරු ලබාදුන්නා. මේ අතර මීගමුව බන්ධනාගාරය තුළ හට … ගැටුම අතරතුර සිදුවූ වෙඩි තැබීම් ගැන මැතිසබයේදී ප්‍රශ්නයක් – එහෙම කළේ කොහොමද? විපක්‍ෂය අහයි

මීගමුවේ ගැටුම පෙර සැලසුම් කළ එකක් බවට තොරතුරු – බොඩි ස්කෑනර් සහ සීසීටීවිත් කුඩු කරලා

මීගමුව බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ කළහයේදී දේපළ රැසකටද අලාභ සිදුව තිබෙනවා. කළහකාරීව හැසිරුණු රැදවූවන් බන්ධනාගාරයේ බොඩි ස්කෑනර් යන්ත්‍රවලටද හානි සිදුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය රැගෙනඒම වැළැක්වීම සදහා බොඩි ස්කෑනර් ස්ථාපිත කර තිබෙනවා. තතුදත් ඇතැම් අය පවසන පරිදි මෙම යන්ත්‍රවලට රැදවුවන් විසින් හානිකර ඇත්තේ අහම්බෙන් නොව සිතාමතා … මීගමුවේ ගැටුම පෙර සැලසුම් කළ එකක් බවට තොරතුරු – බොඩි ස්කෑනර් සහ සීසීටීවිත් කුඩු කරලා

මිගමුවේ බන්ධනාගාර ගැටුමෙන් මියගිය පිරිසේ මෘතදේහ ඥාතීන්ට භාරදීම ඇරඹෙයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ  රැදවියන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අනුව එම මෘතදේහ ඥාතීන් වෙත භාරදීම මේ වනවිට සිදුවන බවයි මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු බෙන්ට් ෆර්ඩිනෑන්ඩස් පැවසුවේ. මේ අතර ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා … මිගමුවේ බන්ධනාගාර ගැටුමෙන් මියගිය පිරිසේ මෘතදේහ ඥාතීන්ට භාරදීම ඇරඹෙයි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු ජිවිතක්‍ෂයට – මියගිය ගණන 27ක් දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව එම ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගියා. එම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති බන්ධනාගාර නිලධාරීන් ගණන 8 ක්. මියගිය සෙසු පිරිස රැදවියන් වනවා. 53 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ. මේ අතර ගැටුමෙන් … මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු ජිවිතක්‍ෂයට – මියගිය ගණන 27ක් දක්වා ඉහළට

මීගමුව සන්සුන් වුණත් බන්ධනාගාර ආරක්‍ෂාව තවදුරටත් තර කෙරේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම මේ වනවිට සමනය වී ඇතත් එම බන්ධනාගාරයේ ආරක්‍ෂාව තවදුරටත් තර කර තිබෙනවා. පොලීසිය පැවසුවේ සිය නිලධාරින්ද මීගමුව බන්ධනාගාරය පිටත ආරක්‍ෂාව තවදුරටත් තර කර ඇති බවයි.

දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 142 ක් ඉදිරියෙන්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය නිමාවන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලකුණු 92ක් රැස් රැස්කර ගෙන සිටියා. ලකුණු 50ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු‍ දෙක ලකුණු 32ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත්, සිව්වැනි දිනය … දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 142 ක් ඉදිරියෙන්

ජනපති ට්‍රම්ප් පාපන්දු ලෝක කුසලානයටත් ඇගිලි ගහයි – කෝල් එකට හිස නමා FIFA ලොක්කා තරඟ තහනමත් ඉවත් කරයි

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය උණුසුම් කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් ෆීෆා ආයතනය විසින් ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණයක් පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම ආන්දෝලනය ඇතිවී තිබෙන්නේ රතු කාඩ්පතක් ලැබී තරඟ තහනමකට ලක්ව සිටි ඇමරිකානු සුපිරි ක්‍රීඩක ෆොලරින් බලෝගුන්ට බෙල්ජියම සමග අද පැවැති තරඟයට ක්‍රීඩා කිරීමට ෆීෆා ආයතනය අවස්ථාව ලබාදීමයි. ඉකුත් බදාදා බොස්නියා … ජනපති ට්‍රම්ප් පාපන්දු ලෝක කුසලානයටත් ඇගිලි ගහයි – කෝල් එකට හිස නමා FIFA ලොක්කා තරඟ තහනමත් ඉවත් කරයි

පාපන්දු ලොව තවත් විශිෂ්ටයෙක් – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පරිච්ඡේදයත් කදුලින් අවසන් – ලෝක කුසලානයෙන් පෘතුගාලය එළියට විසිවෙයි

ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තවත් විශිෂ්ටතමයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පරිච්ඡේදය ඊයේ කඳුළින් අවසන් වුණා. ඒ, ඔහුගේ ලෝක කුසලාන සිහිනය සදහටම බොඳ කරමින්, ස්පාඤ්ඤය හමුවේ පෘතුගාලය ලැබූ පරාජයත් සමඟයි. ඇමරිකාවේ ඩලස් නුවර පැවති මෙම තීරණාත්මක තරඟයෙන් ස්පාඤ්ඤය ගෝල 1-0 ක් ලෙස ජය ගත්තා. ස්පාඤ්ඤය මෙම ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේ තරඟයේ අතිරේක කාලයේදී, එනම් 91 … පාපන්දු ලොව තවත් විශිෂ්ටයෙක් – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පරිච්ඡේදයත් කදුලින් අවසන් – ලෝක කුසලානයෙන් පෘතුගාලය එළියට විසිවෙයි