Nishan Neth News

තවත් 1200කට අද රාජ්‍ය සේවයට පත්විම්

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය සඳහා නිලධාරීන් 1,252 දෙනෙකුට අද පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. මෙම තනතුරු සදහා සුදුස්සන් තෝරා ගැනුණේ 2025 වසරේ ඔක්තෝබර් මස 05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගයෙන්. ඒ සඳහා අයදුම්කරුවන් 85,000කට … තවත් 1200කට අද රාජ්‍ය සේවයට පත්විම්

මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට 

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව පොලීසිය පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ කරුණු වාර්තා කළා. එහිදී පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරන බවයි. කෙසේවෙතත් ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ … මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට 

පකිස්ථානයේ අපනයන පහත වැටෙද්දී ආනයන ඉහළට

ජූනි මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා පකිස්ථානයේ වෙළඳ හිඟය සියයට 22 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 39.5 ක් දක්වා පුළුල් වී ඇති බව මේ සතියේ නිකුත් වූ නිල දත්ත පෙන්වා දෙයි. ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ පකිස්ථාන ආර්ථිකය තවදුරටත් ආනයන මත දැඩි ලෙස රඳා පවතින බවත්, තම අපනයන පදනම විවිධාංගීකරණය කිරීමට සහ ඉහළ නැංවීමට දැඩි … පකිස්ථානයේ අපනයන පහත වැටෙද්දී ආනයන ඉහළට

මීගමුවේ සිද්ධියේ වගකීම තමන් භාර ගන්නා බව අධිකරණ ඇමති කියයි

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලෙස තමන් වගකීම භාරගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමටයි  එලෙස අනුමැතිය හිමිව ඇත්තේ. … මීගමුවේ සිද්ධියේ වගකීම තමන් භාර ගන්නා බව අධිකරණ ඇමති කියයි

මීගමුවේ නොසන්සුන්තාව පාලනය කෙරේ – නිලධාරීන් 6ක් ඇතුළු 25ක් මිය යයි

මීගමුව බන්ධනාගාරයේ හටගත් උණුසුම් තත්ත්වය  මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. කෙසේවෙතත් බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි වාර්තා වුණේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පළමුව ගැටුමක් හට ගත්තේ ඊයේ පස්වරු එකට පමණයි. එහිදී තුවාල ලැබූ රැඳවියන් 38 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ අතර සිටි රැඳවියන් … මීගමුවේ නොසන්සුන්තාව පාලනය කෙරේ – නිලධාරීන් 6ක් ඇතුළු 25ක් මිය යයි

ඩෙංගු රෝගීන් ගණන 61,000ත් පනී – තවදුරටත් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම පළාතෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,054ක් බවයි ජාතික … ඩෙංගු රෝගීන් ගණන 61,000ත් පනී – තවදුරටත් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන්

තරුණයෙකු පැහැර ගෙන ගිය සිද්ධියට වරදකරු කෙරුණු හිරුණිකාගේ අභියාචන පෙත්සමට දින නියම වෙයි

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපැල් පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය අද … තරුණයෙකු පැහැර ගෙන ගිය සිද්ධියට වරදකරු කෙරුණු හිරුණිකාගේ අභියාචන පෙත්සමට දින නියම වෙයි

මොහොතින් මොහොත තීරණය වෙනස් කළ උණුසුම් තරගය – මෙක්සිකෝව පරදා එංගලන්තයට තියුණු ජයක්

ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය සත්කාරක මෙක්සිකෝ රාජ්‍යයේ ක්‍රීඩාංගණයකදී, ප්‍රබල එංගලන්ත කණ්ඩායම හමුවේ මෙක්සිකෝව ගෝල 3-2 ක් ලෙස පරාජයට පත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සිය සුදුසුකම තහවුරු කරගත් අතර එහිදී ඔවුන්ට නෝර්වේ කණ්ඩායම සමඟ තරග වැදීමට සිදු වනු ඇති. තරගයේ මුල් භාගයේදී මෙක්සිකෝ කණ්ඩායම පන්දුවේ වැඩි පාලනයක් තබා ගනිමින් එංගලන්තයට … මොහොතින් මොහොත තීරණය වෙනස් කළ උණුසුම් තරගය – මෙක්සිකෝව පරදා එංගලන්තයට තියුණු ජයක්

මීගමුවේ ගැටුමෙන් මිය ගණන 25 ක් දක්වා ඉහළට – රැදවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කෙරේ

මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුද මියගොස් ඇති බවයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ. තුවාල ලැබූ සියයකට අධික පිරිසක් එම රෝහල වෙත රැගෙනවිත් තිබු බවත් ඉන් බරපතල තත්ත්වයේ පසු වූ අට දෙනෙකුට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් … මීගමුවේ ගැටුමෙන් මිය ගණන 25 ක් දක්වා ඉහළට – රැදවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කෙරේ