Nishan Neth News

මහනුවර මහ නගර සභාවේ ට්‍රැක්ටර් රථයක් පෙරළී සේවකයෙක් මරුට – තවත් දෙදෙනෙකුට තුවාල

මහනුවර මහ නගර සභාවේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුරකින් එක් සේවකයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තුවාල ලැබූ තවත් සේවකයන් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර, මුල්ගම්පොල, විහාර මාවත, පැනරාමා අතුරු මාර්ගයේදියි. අනතුරින් ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ හන්තාන, උඩුවෙල ප්‍රදේශයේ පදිංචි නගර … මහනුවර මහ නගර සභාවේ ට්‍රැක්ටර් රථයක් පෙරළී සේවකයෙක් මරුට – තවත් දෙදෙනෙකුට තුවාල

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට දිනයේදී පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශ සඳහා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ. ඒ, හෙට (4) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වායි. කොළඹ 01 සිට 15 දක්වා … කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ඩෙංගු පාලනය කරන්න දැඩි නීති ගේන්න – මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ආණ්ඩුවට කියයි

ඩෙංගු පාලනය කිරීමට නම් හිමිකරුවන් නොමැති පරිශ්‍ර සහ අතහැර දමන ලද පරිශ්‍ර සදහා දැඩි නීති සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයට හැකි බවයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. මේ වනවිට මද වැසි ආරම්වීම ඇති බැවින් … ඩෙංගු පාලනය කරන්න දැඩි නීති ගේන්න – මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ආණ්ඩුවට කියයි

රිමාන්ඩ් කළ රඛිත, චරිත් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි අධිකරණයට

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන … රිමාන්ඩ් කළ රඛිත, චරිත් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි අධිකරණයට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් … හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත “කුමන්ත්‍රණය”  නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. එම කරුණ අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා … යෝෂිත රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

කඩවත සිට නුවරඑළියට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට – තිදෙනෙකුට තුවාල

කඩවත සිට නුවරඑළිය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් තුලට පෙරලී ගොස් තිබෙනවා. ඒ, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය, කළුගල සිංහල මහා විද්‍යාලය ආසන්නයේදියි. එම අනතුරෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් ගත් රියදුරා ඇතුලු‍ තිදෙනෙකු තුවාල ලබා කිතුල්ගල, තැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ධාවනය වෙමින් තිබූ එම … කඩවත සිට නුවරඑළියට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට – තිදෙනෙකුට තුවාල

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අනුරපුරේදී අත්අඩංගුවට

අනුරාධපුර, තම්මැන්නාකුලම් ප්‍රදේශයේදි කේරළ ගංජා තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව සැකකරු සන්තයේ තිබී කේරළ ගංජා කිලෝ 12යි ග්‍රෑම් 320 ක් සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තම්මැන්නාකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සදහා අනුරාධපුර පොලිස් ස්ථානය … කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අනුරපුරේදී අත්අඩංගුවට

සහෝදරයෙකුගේ පොලු පහරකින් පුද්ගලයෙකු දිවි අහිමි වෙයි

වැල්ලව, තල්විට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඝාතනය සිදුකළ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිස් ස්ථානය මගින් … සහෝදරයෙකුගේ පොලු පහරකින් පුද්ගලයෙකු දිවි අහිමි වෙයි