Nishan Neth News

ඉන්දු – ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීමට ජපාන අගමැතිනිය දිල්ලි නුවරට ළඟා වෙයි

  16 වන ඉන්දීය-ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා තෙදින නිල සංචාරයක් සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකායිචි නවදිල්ලියට පැමිණියාය. මෙම සංචාරයේදී ආර්ථික ආරක්ෂාව, ශක්තිමත් සැපයුම් දාමයන් ගොඩනැගීම, නැඟී එන තාක්ෂණයන්, ආරක්ෂක මෙන්ම සාගර ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කර ගැනීමට දෙරටම අපේක්ෂා කරයි. ජපාන අග්‍රාමාත්‍යවරිය ලෙස ඇය ඉන්දියාවේ සිදු කරන මෙම ප්‍රථම නිල සංචාරය … ඉන්දු – ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීමට ජපාන අගමැතිනිය දිල්ලි නුවරට ළඟා වෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට තවත් කණ්ඩායම් දෙකක්

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. ඒ, ස්වීඩනය සමග පැවති තරගය ගෝල 3 ට බින්දුවක් ලෙස ජයගනිමින්. එහිදි ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බාපේ ගෝල ද්විත්වයක් වාර්තා කළා. මේ අතර, ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ අදියරේ වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා බවටද කිලියන් එම්බාපේ පත් වුණා. ඒ … ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට තවත් කණ්ඩායම් දෙකක්

චරිත් හා රඛිත වෙනුවෙන් නීතිඥවරු 150ක් සූදානම් – පුතා වෙනුවෙන් විජේදාස රහසේ ගහන ගේම

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින චරිත් අබේසිංහ, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ පුත් රඛිත රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා වෙනුවෙන් නීතිඥවරු 150ක් දෙනෙකු පමණ පෙනී සිටීමට සූදානම් වන බවට වාර්තා වනවා. මේ අතර හරක්කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට එම තිදෙනාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාද අදහස් පළ තිබෙනවා. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම … චරිත් හා රඛිත වෙනුවෙන් නීතිඥවරු 150ක් සූදානම් – පුතා වෙනුවෙන් විජේදාස රහසේ ගහන ගේම

ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ට ටොක්කක් ඇන කිස් දෙකක් දෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලතල තවදුරටත් පුළුල් කරමින්, ඔහුගේ ප්‍රධාන දේශපාලන තීන්දු කිහිපයක් නිශේධනය කරමින් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමෙරිකානු භූමිය තුළ උපත ලබන සැමට එරට පුරවැසිභාවය හිමිවීමේ ‘උපත් අයිතියෙන් පුරවැසිභාවය‘ ලෙස දීර්ඝ කාලයක් පැවති නීතිමය මූලධර්මය අහෝසි කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශේධනය කර ඇති බවයි. … ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ට ටොක්කක් ඇන කිස් දෙකක් දෙයි

හිරේ ගිය සරණ නිදහස් වෙන්න සොයන අලුත්ම පොට මෙන්න

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව තමන්ට නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා විසින් අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත්තේ නීතිඥ … හිරේ ගිය සරණ නිදහස් වෙන්න සොයන අලුත්ම පොට මෙන්න

තවමත් බදු නොගෙවන පිරිස ගැන අනාවරණයක්

බදු දැලට හසු නොවී සියයට 40ක පමණ පිරිසක් තවමත් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා පැවසුවේ එමගින් රටට අහිමිවන මුදල පිලිබද තක්සේරුවක් පවා නොමැති බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. මේ අතර රටේ ජනතාවට බදු සම්බන්ධයෙන් දැනුවත් කරන බදු සතියක් ලබන 06වනදා … තවමත් බදු නොගෙවන පිරිස ගැන අනාවරණයක්

ඩෙංගු පාලනය කරන්න සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් වැඩක

රට තුළ සීඝ්‍රයෙන් ඉහළ යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ ඕනෑම තොරතුරක්, පැමිණිල්ලක් හෝ අවශ්‍ය දැනුවත් කිරීම් කඩිනමින් යොමු කිරීම සඳහායි මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව, මහජනතාව වෙනුවෙන් විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා. එම … ඩෙංගු පාලනය කරන්න සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් වැඩක

ව්‍යාපාරික විරාජ් වික්‍රමනායකට ඇප

  සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධිකයට අදාලව අත්අඩංගුවට ගත් ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා ඇප මත මුදා හැරියා. ඒ, මහරගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී අධිකරණය නියෝග කළේ ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරිමටයි. … ව්‍යාපාරික විරාජ් වික්‍රමනායකට ඇප

ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට

ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත අද භාරවීමෙන් අනතුරුවයි. විරාජ් වික්‍රමනායක මහතා තමන් වෙත පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පසුගියදා මහරගම පොලිස් ස්ථානය හමුවේ පැමිණිල්ලක් සිදුකර තිබුණා. අත්අඩංගුවට ගත් එම ව්‍යාපාරිකයා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.