Nishan Neth News

හරක් කටාගෙන් අල්ලස් ගත්තැයි කියන සිද්ධියේ ලීක් වූ හඩ පට කිහිපයක් රජයේ රස පරික්‍ෂක වෙත

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ ජිවිතය ආරක්ෂා කරදීම සඳහා රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබා ගත්තැයි කියන සිද්ධියට අදාළ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙන හඬපට කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම හඬ පට … හරක් කටාගෙන් අල්ලස් ගත්තැයි කියන සිද්ධියේ ලීක් වූ හඩ පට කිහිපයක් රජයේ රස පරික්‍ෂක වෙත

සුරේෂ් සලේගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳ අලුත් සෞඛ්‍ය වාර්තාවක්

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මාරු කෙරුණු රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ රෝගී තත්ත්වයට අදාළ වෛද්‍ය පරීක්ෂණ මේ වන විටත් සිදුකරමින් සිටින බව කොළඹ ජාතික රෝහල පවසනවා. ඊට අදාළ පරීක්ෂණ සියල්ල අවසන් කර ඉදිරි දින කිහිපය තුළදී එහි වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ … සුරේෂ් සලේගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳ අලුත් සෞඛ්‍ය වාර්තාවක්

ආසියානු බලාපොරොත්තුව, ජපානය හඩවා බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 වටයට – ඉතිහාසය අලුත් කරමින් කැනඩාවත් තැන වෙන් කර ගනී

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය තීරණාත්මක සහ උද්වේගකර තරගයකින් පසු, ආසියානු ඉහළම බලාපොරොත්තුවක් වූ ජපානය පරදා තියුණු ජයක් ලබා ගැනීමට බ්‍රසීලය සමත් වුණා. ඒ, තරගයේ අතිරේක කාලයේදී, එනම් 95 වැනි මිනිත්තුවේදී ගේබි්‍රයෙල් මාර්ටිනෙල්ලි ලබාගත් සුපිරි ගෝලයත් සමඟයි. තරගයේ අවසන් ප්‍රතිඵලය ගෝලත් දෙකට එකක්. මෙම ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලය තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. … ආසියානු බලාපොරොත්තුව, ජපානය හඩවා බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 වටයට – ඉතිහාසය අලුත් කරමින් කැනඩාවත් තැන වෙන් කර ගනී

පෙට්‍රල් 92 සහ ලංකා සුදු ඩීසල් මිල පමණක් පහළට

ඉන්ධන වර්ග කිහිපයක මිල පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එම පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක්. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ද පහළ දමා තිබෙනවා. ඒ අනුව … පෙට්‍රල් 92 සහ ලංකා සුදු ඩීසල් මිල පමණක් පහළට

කියවීම දිරි ගන්වන මහනුවර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

කියවීම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොත් දැක්ම අද ආරම්භ  වුණා. ලබන පස්වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර්හිදී මෙම පොත් දැක්ම පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පවත්වනු ලබන මහනුවර පොත් දැක්ම මෙවර පැවැත්වෙන්නේ 19 වන වරට බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපති කපිල එස් වික්‍රමසිංහ මහතා පැවසුවේ. එම සංගමයේ සියළුම ප්‍රකාශකයින් මහනුවර පොත් දැක්මට … කියවීම දිරි ගන්වන මහනුවර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි බවයි එම දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව … ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි

පොසොන් පොහොයට දන්සැල් 18,000 ක් – දෙද්දී සහ වඳිද්දී පරිස්සමෙන්

පොසොන් පුරපස්ළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඊයේ පස්වරුව වන විටත් දන්සැල් 18,129ක් ලියාපදිංචි වී තිබු බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ. අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සැල් 200 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. එම දන්සැල් සඳහා … පොසොන් පොහොයට දන්සැල් 18,000 ක් – දෙද්දී සහ වඳිද්දී පරිස්සමෙන්

නිර්මල බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

නිර්මල බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකයි. එමෙන්ම බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම … නිර්මල බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

අයර්ලන්තය හමුවේ ඉන්දියාව අවමන් සහගත ලෙස යළි පරදී – වසර තුනක තරගාවලි 16 ක අපරාජිත වාර්තාවත් බිද වැටේ

පන්දුවාර විස්ස ලෝක ශූර ඉන්දියාව පිට පිටම දෙවන තරගයේදීත් අයර්ලන්තය හමුවේ ලැජ්ජා සහගත පරාජයක් ලැබුවා. තරඟය පැවැත්වුණේ අයර්ලන්තයේ බෙල්ෆස්ට්හිදී. පළවෙනි පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු අටක් දැවී ලකුණු 154 ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු නවයක් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 153ක් පමණයි. මෙම පරාජයත් සමඟ ඉන්දියාව, අයර්ලන්තය … අයර්ලන්තය හමුවේ ඉන්දියාව අවමන් සහගත ලෙස යළි පරදී – වසර තුනක තරගාවලි 16 ක අපරාජිත වාර්තාවත් බිද වැටේ