Nishan Neth News

ආබාධ සහිත පුද්ගලයන් ගැන අනාවරණයක්

මෙරට ආබාධ සහිත පුද්ගලයන් මිලියන එකයි දශම හයකින් සියයට 70 ක් පමණ ආදායම් ඉපැයීමක් සිදු නොකරන බව චයිල්ඩ් ෆන් ශ්‍රී ලංකා ආයතනය පවසනවා. එවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ ඇතැම් ක්‍රමවේදවල පවතින යම් යම් ගැටළු නිසා බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය නිවැරදි කිරීම සදහා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් චයිල්ඩ් ෆන් ශ්‍රී ලංකා ආයතනය රජය සමග … ආබාධ සහිත පුද්ගලයන් ගැන අනාවරණයක්

පාතාලය මර්දනය කරන බව ජනපති යළි කියයි

පාසල් ප්‍රවාහන සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා සියල්ල නියාමනය කිරීමේ වැඩපිළිවෙළ මෙම වසර අවසන් වනවිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට … පාතාලය මර්දනය කරන බව ජනපති යළි කියයි

වාර්තා අලුත් කරමින් ස්විට්ස්ර්ලන්තයත් Knockout වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය අද සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය දරන කැනඩාව ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමින්. මෙම ජයග්‍රහණයත් සමඟ ස්විට්සර්ලන්තය සුවිශේෂී වාර්තාවක් ද තබා තිබෙනවා. ඒ, ආර්ජන්ටිනාව සහ ප්‍රංශයට පසුව, පිට පිටම ලෝක කුසලාන තරගාවලි හතරකදීම පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් … වාර්තා අලුත් කරමින් ස්විට්ස්ර්ලන්තයත් Knockout වටයට

වෙනිසියුලාවම හෙළ වූ භූ කම්පනයෙන් මිය ගිය ගණන 32ක්

වෙනිසියුලාවේ කරාකස් අගනුවර එක පිට එක ඇතිවූ ප්‍රබල භූකම්පන දෙක හේතුවෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු මියගොස් ඇතැයි මේ වනවිට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පැවසුවේ තුවාල ලැබූ සංඛ්‍යාව 700කට වැඩි බවයි. කෙසේවෙතත් මියගිය සංඛ්‍යාව 10,000 ද ඉක්මවා යා හැකි බවට ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. භූ … වෙනිසියුලාවම හෙළ වූ භූ කම්පනයෙන් මිය ගිය ගණන 32ක්

ඩෙංගු බෝ කළ 5,000කට නඩු

ඩෙංගු මදුරුවන් බෝ වන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් පන් දහසකට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පරිශ්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි. එලෙස ඩෙංගු මදුරුවවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා ඉදිරියේදීද නීතිමය පියවර ගන්නා බව ඔහු … ඩෙංගු බෝ කළ 5,000කට නඩු

රෝහිත රාජපක්‍ෂ පොලිස් මධ්‍යම අපරාධ විමරශන කාර්යාංශයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබෙනවා. ඒ, එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්‍ෂ අත්අඩංගුවට

සමගි ජනබලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ මහතා සහ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාගේ පුත් රඛිත රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසෙන්නේ. නදුන් චින්තක … චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්‍ෂ අත්අඩංගුවට

වෙනිසියුලාවේ ප්‍රබල භූකම්පන දෙකක් – මියගිය පිරිස 10,000 ඉක්මනු ඇති බවට වාර්තා

වෙනිසියුලාවේ කරාකස් අගනුවර එක පිට එක ඇතිවූ ප්‍රබල භූකම්පන දෙකක් හේතුවෙන් බරපතල හානි සිදුව තිබෙනවා. පළමු භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ලෙසත් දෙවන භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් ලෙසත් සදහන්ව ඇති බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය පවසන්නේ. ඇතිවූ භූකම්පන සමඟ කරාකස් අගනුවර ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබෙනවා. වෙනිසියුලාවේ ජාතික නිවාඩු දිනයක් වූ … වෙනිසියුලාවේ ප්‍රබල භූකම්පන දෙකක් – මියගිය පිරිස 10,000 ඉක්මනු ඇති බවට වාර්තා

සුරේෂ් සලේ නිර්දෝෂී වේවා – මාලිමාවෙන් අමුතු කතාවක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා නිර්දෝශ වන්නැයි ප්‍රාර්ථනා කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසනවා. නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ … සුරේෂ් සලේ නිර්දෝෂී වේවා – මාලිමාවෙන් අමුතු කතාවක්