Nishan Neth News

පඩි දෙක දෙක ගන්න රජයේ තවත් පිරිසක් ගැන තොරතුරු

  රජයෙන් වැටුප් හෝ දීමනා දෙකක් ලබමින් තවදුරටත් රාජ්‍ය සේවයේ රැඳී සිටින තවත් පිරිසක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සිවිල් ක්‍රියාකාරික දිනේෂ් ද අල්විස් මහතායි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් දහසය දෙනෙකු මෙලෙස රජයෙන් වැටුප් හෝ දීමනා දෙකක් ලබන බව සිය පැමිණිල්ල මගින් ඔහු කරුණු … පඩි දෙක දෙක ගන්න රජයේ තවත් පිරිසක් ගැන තොරතුරු

T20 ලෝක කුසලානයේ සිංහ කෙල්ලන් සහභාගී වන තීරණාත්මක තරඟයක් අද

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන තරගය අද පැවැත්වෙනවා. මෙම තරඟයේදී ශ්‍රී ලංකාව තරඟ වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස තුනට එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී ආරම්භ වනවා. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරඟයේදී ඔවුන් එංගලන්තය හමුවේ පරාජය වුණා. කෙසේ වෙතත් නවසීලන්තය හමුවේ … T20 ලෝක කුසලානයේ සිංහ කෙල්ලන් සහභාගී වන තීරණාත්මක තරඟයක් අද

ආසන පටි නොමැති වාහනවලට යලිත් සහනයක්

  අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල රියැදුරු සහ සියලු මඟීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නැවතත් සහන කාලයක් ලබා දී තිබෙනවා. ආසන පටි නොමැති වාහනවලට ආසන පටි සවිකර ගැනීම සඳහා මෙලෙස සහන කාලයක් ලබා දෙන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ.   අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන වල රියදුරු සහ … ආසන පටි නොමැති වාහනවලට යලිත් සහනයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමා තිබෙනවා. අමෙරිකා – ඉරාන සාම ගිවිසුමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය පසුගියදා පූර්ණ වශයෙන් විවෘත කෙරුණා. කෙසේවෙතත් ඊශ්‍රායලය විසින් දකුණු දිග ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිස් දෙදෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබීම මුල් කරගනිමින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමූ බවයි ඉරාන හමුදා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.   … හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

වැරදි කළ සිසුන් කිහිපදෙනෙකුත් සාපෙළ ජය ගනී

පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරේ සුනීත පාසලේ ඉගෙනුම ලැබූ රැඳවුම් භාරයේ සිටින සිසුන් 05 දෙනෙකු ද 2025 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ රැඳවියන් වෙනුවෙන්ම වෙන්වූ ශ්‍රී ලංකාවේ එකම පාසල වන වටරැක ”සුනීත පාසලේදීමයි. … වැරදි කළ සිසුන් කිහිපදෙනෙකුත් සාපෙළ ජය ගනී

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව G7 නායකයින්ගෙන් දැඩි පියවර

  නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යාමට එරෙහිව, ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමේ සටන තදින්ම ක්‍රියාත්මක කිරීමට G7 නායකයෝ ප්‍රතිඥා දී සිටිති. ඔවුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයක් මඟින් එම නායකයින් සඳහන් කළේ තම මිත්‍ර රටවල් වන බ්‍රසීලය සහ දකුණු කොරියාව ද මෙම ප්‍රකාශයට සහය පළ කර ඇති … මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව G7 නායකයින්ගෙන් දැඩි පියවර

මීටියාගොඩ වැටලීමක් – අයිස් සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මීටියාගොඩ, ඉරනවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 118 ක් සහ හෙරොයින් ග්‍රෑම් 750 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරනවිල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඌරවත්තේ පෙරහැර නිසා අම්බලන්ගොඩ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව අද පස්වරු දෙකේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ, අම්බලන්ගොඩ, ඌරවත්ත ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහර විථි සංචාරය කිරීම හේතුවෙන්. එම පෙරහර ඌරවත්ත ගංගාරාම මංසන්ධියෙන් ගාලු පාර ඔස්සේ ගමන් කර හිරේවත්ත බුදු පිළිමය අසලින් මහ වීදිය ඔස්සේ අම්බලන්ගොඩ වටරවුම දක්වා විථි සංචාරය කෙරෙනවා. ඉන් … ඌරවත්තේ පෙරහැර නිසා අම්බලන්ගොඩ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

හයිටිය එළියට විසිකරමින් බ්‍රසිලය FIFA ජයපැන් බොයි

26 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ C කාණ්ඩයෙන් තරග වදින බ්‍රසීල කණ්ඩායම, හයිටිය පරදා අද කැපී පෙනෙන ජයග්‍රණයක් ලබාගත්තා. මේ සමඟ හයිටි රාජ්‍ය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන අතර එලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන පළමු කණ්ඩායම ද හයිටියයි. බ්‍රසීලය මෙම තරගාවලියේ දී සහභාගී වූ පළමු තරගයේදී තරග වැදුණේ මොරොක්කෝව සමඟ. එම තරගය ජය … හයිටිය එළියට විසිකරමින් බ්‍රසිලය FIFA ජයපැන් බොයි