Nishan Neth News

සිසුන් 11,790 ක් සියළු විෂයන් සදහා ඒ සාමාර්ථ ගනිද්දී සිසුන් 7,419 ක් සියලු විෂයන් අසමත් වෙයි

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයට පෙනී සිටි සිසුන්ගෙන් දෙලක්‍ෂ 25,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුසුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ. සිසුන් 7,419 දෙනෙකු එම විභාගයේ සියලු විෂයන් අසමත්ව ඇති බවද … සිසුන් 11,790 ක් සියළු විෂයන් සදහා ඒ සාමාර්ථ ගනිද්දී සිසුන් 7,419 ක් සියලු විෂයන් අසමත් වෙයි

පාකිස්තාන භූමියට ඇෆ්ගනිස්තානයෙන් ගුවන් ප්‍රහාර

    දෙරට අතර මෑත ඉතිහාසයේ දරුණුතම ගැටුම ඇති වී මාස කිහිපයකට පසු, පාකිස්තාන ප්‍රාන්ත දෙකක පිහිටි ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් තමන් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ගනිස්තානය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, පාකිස්තාන රජය එම ප්‍රකාශය වහාම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ. තාලිබාන් රජයේ ආරක්ෂක අමාත්‍යාංශය ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් … පාකිස්තාන භූමියට ඇෆ්ගනිස්තානයෙන් ගුවන් ප්‍රහාර

ඉතිහාසය අලුත් කරමින් කටුනායක ගුවන් තොටුපොලේදී හෂීෂ් තොගයක් සොයාගත් රේගු මෙහෙයුම – විදෙස් සරසවි සිසුවෙකුත් අත්අඩංගුවට

රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ විදේශීය සරසවි සිසුවෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා ” ගෝල්ඩි රූට් ” මගී පර්යන්තය ඔස්සේ ඔහු රැගෙන යමින් සිටියදීයි. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පවසන්නේ මෙතරම් විශාල … ඉතිහාසය අලුත් කරමින් කටුනායක ගුවන් තොටුපොලේදී හෂීෂ් තොගයක් සොයාගත් රේගු මෙහෙයුම – විදෙස් සරසවි සිසුවෙකුත් අත්අඩංගුවට

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන් විරාමයට එකඟ වෙයි – ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන උත්තරීතර නායකයට වාග් ප්‍රහාරයක්

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන්විරාම ගිවිසුමකට එකඟතාව පළ වී ඇති බව අමෙරිකානු බලධාරියෙකු ප්‍රකාශ කරනවා. කෙසේවෙතත්, මෙම එකඟතාවෙන් පසුවත් දකුණු ලෙබනනයට එල්ල වූ දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සටන් විරාමය ක්‍රියාත්මක වූ දේශීය වේලාවෙන් සවස 4.00 න් පසුව ද නබටියේ නගරයට අවම වශයෙන් ගුවන් ප්‍රහාර … ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන් විරාමයට එකඟ වෙයි – ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන උත්තරීතර නායකයට වාග් ප්‍රහාරයක්

ජනපති අනුර සහ ජේ ෂා හමුවේ රහස් කතා එළියට – ජනපති හමුවීමට කලින් ජයසුරියත් හමුවෙලා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා. මෙම හමුවේ දී සාකච්ඡාවූ කරුණු තවමත් නිල වශයෙන් අනාවරණ කර නැතත් විශ්වාසදායක ආරංචි පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි කියවෙන්නේ. මෙලෙස ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීම ජාත්‍යන්තර … ජනපති අනුර සහ ජේ ෂා හමුවේ රහස් කතා එළියට – ජනපති හමුවීමට කලින් ජයසුරියත් හමුවෙලා

ත්‍රිරෝද රථයකින් මතුවු කෝටි දහයක අයිස් මත්ද්‍රව්‍ය තොගය

රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්‘ මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම බලකායේ ගෝනහේන කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් කඩවත, සාන්ත අන්ද්‍රේ අවිල්ලීනු දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිදුකළ හදිසි වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06යි ග්‍රෑම් 288ක්, විද්‍යුත් තරාදියක් සහ … ත්‍රිරෝද රථයකින් මතුවු කෝටි දහයක අයිස් මත්ද්‍රව්‍ය තොගය

චීන Hybrid වාහනවලටත් අතිරේක බදු පැනවීමට යුරෝපීය කොමිසම සැරසෙයි

  යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ මෝටර් රථ කර්මාන්තයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් Handelsblatt පුවත්පත වාර්තා කළේ, චීනයෙන් ආනයනය කරනු ලබන දෙමුහුන් (Hybrid) මෝටර් රථ සඳහා ‘ප්‍රතිතුලන තීරුබදු’ පැනවීමට යුරෝපීය කොමිසම සැලසුම් කරමින් සිටින බවයි. එම පුවත්පතට අනුව, මෙම ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයේ සාමාජික රටවල බහුතරයකගේ අනුමැතිය ලැබුණු … චීන Hybrid වාහනවලටත් අතිරේක බදු පැනවීමට යුරෝපීය කොමිසම සැරසෙයි

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට දකුණු කොරියාවෙන් ජාත්‍යන්තර සම්මාන 4ක්

​ලෝක සංචාරක සිතියමේ ශ්‍රී ලංකාවේ නාමය තවත් ඉහළට ඔසවා තබමින්, දකුණු කොරියාවේ සෝල් නුවර පැවැති 41 වන SIITF හෙවත් සෝල් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ​මෙහිදී ලැබුණු එක් ඇගයීමක් වන්නේ, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් පිරිනමන SIITF එමිනන්ට් ටුවරිසම් පයනියර් (Eminent Tourism Pioneer Award) සම්මානයයි. … ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට දකුණු කොරියාවෙන් ජාත්‍යන්තර සම්මාන 4ක්

o/L නැවත සමීක්‍ෂණයට අයදුම් කිරීමට ජුනි 25 සිට අවස්ථාව

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා ජුනි මස 25 වනදා සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූලි මස 7 වනදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ නැවත සමීක්‍ෂණය සදහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය … o/L නැවත සමීක්‍ෂණයට අයදුම් කිරීමට ජුනි 25 සිට අවස්ථාව