Nishan Neth News

තීරුබදු නොගවා ගෙන්වන ලද භාණ්ඩ සහ අමතර කොටස් සහිත කන්ටේනරයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාරම්මල, හොරොම්බාව ප්‍රදේශයේදී තීරුබදු නොගෙවා විදෙස් රටකින් ගෙන්වන ලද භාණ්ඩ සහ අමතර කොටස් සහිත කන්ටේනර් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොම්බාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. විදෙස් රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 190 ක්, යතුරුපැදි කොටස්, යතුරුපැදි චැසි 42 ක්, යතුරුපැදි එංජින් 44 … තීරුබදු නොගවා ගෙන්වන ලද භාණ්ඩ සහ අමතර කොටස් සහිත කන්ටේනරයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කරට කර සටනකින් පසු විස්සයි විස්ස තරගාවලියේ ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ, දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගය කඩුළු 5කින් ජය ගනිමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා … කරට කර සටනකින් පසු විස්සයි විස්ස තරගාවලියේ ජය කොදෙව්වන්ට

කෝඩුකාර කියුර්සාඕ තලා පොඩි කරමින් ජර්මනිය ජය පැන් බොයි

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සිව්වතාවක් ශූරතාව දිනාගත් ප්‍රබල ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයකදී කෝඩුකාර කියුරසාඕ රාජ්‍යය තලා පොඩිකර දැමුවා. ජර්මනිය මෙම තරගය ජයගත්තේ ගෝල 7ට 1ක් ලෙසයි. කියුරසාඕ යනු, කැරබියානු මුහුදේ ඕලන්ද කැරබියානු කලාපයේ නෙදර්ලන්ත රාජධානිය තුළ පිහිටි ඉතා කුඩා දූපත් රාජ්‍යයක්. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 444යි. 2023 සංගනනයට අනුව … කෝඩුකාර කියුර්සාඕ තලා පොඩි කරමින් ජර්මනිය ජය පැන් බොයි

කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ … කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්

ඩෙංගු වෛරසය වෙනස් වෙයි – රෝහල්වලටත් දරාගත නොහැකි ලෙස රෝගීන් ගණන ඉහළට

ඩෙංගු වෛරසයේ යම් වෙනසක් සිදුව ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ දිනවල ඩෙංගු ව්‍යාප්තිය වඩාත් වේගවත්වීමට එයද හේතු වී ඇති බවයි ඔහු කියාසිටියේ. මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වනවිට හදුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන … ඩෙංගු වෛරසය වෙනස් වෙයි – රෝහල්වලටත් දරාගත නොහැකි ලෙස රෝගීන් ගණන ඉහළට

ජනපති ට්‍රම්ප්ට උපන් දින තෑග්ගක් – ගැටුම් අවසන් කිරීමට අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවට

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින සියලුම සන්නද්ධ ගැටුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ තිබෙනවා. මෙම ඓතිහාසික සාම ගිවිසුම පිළිබඳව මුලින්ම ලෝකයට අනාවරණය කළේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින්. ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල සිදුවන මිලිටරි මෙහෙයුම් ස්ථිර වශයෙන්ම නතර කිරීමට ඇමෙරිකාව සහ ඉරානය එකඟ වූ බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා … ජනපති ට්‍රම්ප්ට උපන් දින තෑග්ගක් – ගැටුම් අවසන් කිරීමට අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවට

තීරණාත්මක විස්සයි විස්ස ගැටුමේ කාසියේ වාසිය කොදෙව්වන් දිනයි – පිත්ත ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසියා. ඔවුන් පන්දුවාර 10 ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 80ක් රැස්කර … තීරණාත්මක විස්සයි විස්ස ගැටුමේ කාසියේ වාසිය කොදෙව්වන් දිනයි – පිත්ත ශ්‍රී ලංකාවට

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව සිදුව ඇති හානිය නිවැරදි කර, වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිල වෙබ් අඩවියේ එම කොටස … දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

නෙත් නිවුස් නැවුම් මුහුණුවරකින් හෙට සිට

වසර විසි එකක් පුරා සත්‍ය වාර්තා කරමින් ජනතා විශ්වාසය දිනාගත් නෙත් නිවුස් හෙට (15) සිට තවත් ශක්තිමත්ව වඩාත් නැවුම් මුහුණුවරකින් ජනගත කෙරෙනවා. නෙත් නිවුස් මෙලෙස අලුත් වන්නේ “ජනතාව විශ්වාස කරන සත්‍ය” යන තේමාව යටතේයි. වසර 21ක් පුරා කුමන බාධක සහ තර්ජන පැවතියද අභීතව සහ නොසැලී නෙත් නිවුස් සත්‍ය වෙනුවෙන් පෙනී සිටියා. කිසිදු  තර්ජනයක් හමුවේ හෝ … නෙත් නිවුස් නැවුම් මුහුණුවරකින් හෙට සිට