Nishan Neth News

පාසල් සිසුවියකට අතවර කිරීමට තැත් කළ ක්‍රීඩා උපදේශකවරයෙකු අත්අඩංගුවට

  දෙහිවල, බෙල්ලන්තර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුවියකට ලිංගික අතවර කිරීමට තැත් කළ ක්‍රීඩා උපදේශකවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දෙහිවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදීයි. යගුළිය විසි කිරීමේ ක්‍රීඩාවේ නිරත එම සිසුවිය අද පස්වරුවේ සිය පුහුණුවීම් කටයුතු සදහා දෙහිවල එස් එස් ජයසිංහ ක්‍රීඩාංගනය වෙත පැමිණ තිබෙනවා. පුහුණුවිම් අතරතුර ඇයගේ අතක ආබාධයක් හටගෙන ඇති අතර … පාසල් සිසුවියකට අතවර කිරීමට තැත් කළ ක්‍රීඩා උපදේශකවරයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා A කණ්ඩායමට එක්දින තරග ජයක්

ශ්‍රී ලංකා A, ඉන්දීය A සහ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරඟය ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ලකුණු 245ට සියලු දෙනා දැවී ගියා. වර්ෂාව හේතුවෙන් … ශ්‍රී ලංකා A කණ්ඩායමට එක්දින තරග ජයක්

ජී-7 සමුළුවට සහ ඓතිහාසික ස්ලෝවැකියා සංචාරයකට ඉන්දීය අගමැති මෝදි දිල්ලියෙන් පිටත් වෙයි

  G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සහ ස්ලෝවැකියාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියෙන් පිටත්ව ගියේය. නිදහසින් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ස්ලෝවැකියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ විශේෂ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මෝදි ජූනි 13-14 … ජී-7 සමුළුවට සහ ඓතිහාසික ස්ලෝවැකියා සංචාරයකට ඉන්දීය අගමැති මෝදි දිල්ලියෙන් පිටත් වෙයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන අගරදගුරු හිමියන් යළි කතා කරයි

කිසිවෙකුගේ බලපෑමට යටත් නොවී පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 192 වන වාර්ෂික මංග්‍යය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ කුමන පාර්ශ්වයකින් බාධා … පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන අගරදගුරු හිමියන් යළි කතා කරයි

කළු, කැළණි සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටම ආසන්නයට

ඇදහැළෙන වැසි හමුවේ කළුගඟේ මිල්ලකන්ද හා රත්නපුර ප්‍රදේශ මෙන්ම අත්තනගලුඔයේ දූනමලේ ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටමට ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ කැළණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයකද ඇතැම් ස්ථානවල ජල මට්ටම් කිසියම් ඉහළ අගයක පවතින බවයි. මේ අතර බස්නාහිර, … කළු, කැළණි සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටම ආසන්නයට

හෝමූස් යළි අරින්න ඉරානයේ අවධානය

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසනවා. ඒ, ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීම අවසන් අදියරට පැමිණීම හේතුවෙන්. රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාවරයා පවසා ඇත්තේ ඉරානයට එරෙහිව පනවා ඇති එක්සත් ජනපද අවහිර කිරීම් ඉවත් කිරීම ද මෙම … හෝමූස් යළි අරින්න ඉරානයේ අවධානය

FIFA තරගයකදී ඇමෙරිකාව, පැරගුවේ පාගා ම දමයි

ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් FIFA ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගය ගෝල 4ට 1ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ප්‍රබල අමෙරිකානු කණ්ඩායම සමත් වුණා. ඔවුන් එලෙස ජය ගනු ලැබුවේ පැරගුවේ කණ්ඩායමට එරෙහිවයි.

සලේ ද සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකන්න – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ජනපතිට ලිපියක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු යන සිරස්තලයෙන් යුක්තවයි එම ලිපිය යොමු කර ඇත්තේ. හිටපු බුද්ධි ප්‍රධානී, පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති කතිකාවත මත මෙම ලිපිය ජනපතිවරයා වෙත යොමුකර තිබෙනවා. හිටපු බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවෙකු සේ … සලේ ද සාමාන්‍ය සැකකරුවෙකු ලෙස සලකන්න – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ජනපතිට ලිපියක්

පකිස්ථානයේ පල්ලියක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: අයෙකු මරුට, හතකට තුවාල

පකිස්ථානයේ වයඹදිග ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියක් අසල සිකුරාදා යාච්ඤා මෙහෙය පැවැත්වෙන අතරතුර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් එක් සිවිල් වැසියෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම සිදුව ඇත්තේ ලක්කි මර්වාත් දිස්ත්‍රික්කයේ කයිරෝ කෙල් ප්‍රදේශයේ, බැතිමතුන් සිකුරාදා සාමූහික යාච්ඤාව සඳහා රැස්ව සිටි ස්ථානයකදීය. නම හෙළි කිරීමට අකමැති … පකිස්ථානයේ පල්ලියක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: අයෙකු මරුට, හතකට තුවාල