Nishan Neth News

බිස්කට් මිලදී ගන්න වෙළද සැලට ආ පෙර පාසල් දැරියකට ලිංගික අතවර කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 05 ක් වන පෙර පාසල් යන දැරිවියකට ලිංගික අතවර කළ බව කියන 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මාදම්පේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ, කරුකුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම දැරිය  බිස්කට් මිලදී ගැනීම සදහා සැකකරු විසින් පවත්වා ගෙන යන ව්‍යාපාරීක ස්ථානයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී දැරිවියව තම වෙළද සැළ ඇතුළට ගෙන ඇති … බිස්කට් මිලදී ගන්න වෙළද සැලට ආ පෙර පාසල් දැරියකට ලිංගික අතවර කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

පකිස්තාන අගමැතිවරයා ලොවටම දුන් සුබ පණිවුඩය

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තානය පවසනවා. ඒ බව තහවුරු කර ඇත්තේ පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින්. යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමෙහි මීළඟ පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශ්වය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා … පකිස්තාන අගමැතිවරයා ලොවටම දුන් සුබ පණිවුඩය

රඹුක්කනදී දුම්රියක් පීලි පනී

රඹුක්කන ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. රඹුක්කන සිට පානදුර දක්වා ධාවනයන කිරීමට නියමිතව තිබූ දුම්රිය එලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම දුම්රිය පීලි පැනීමකට ලක් වුවද එම මාර්ගයේ කිසිදු දුම්රිය ප්‍රමාදයක් සිදුව නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. පීලි පැනීමට ලක්වූ එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් අනිද්දා (15) සිට 21 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ, එම කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි. රට පුරා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25.8ක්ම කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තාවී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ‘අධි … කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

මීගමුව කලපු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි ඒවා සොයාගෙන ඇත්තේ. ඒ අනුව මුහුදේ පාවෙමින් තිබූ උර නවයක තිබී බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය දහසයක පමණ තොගයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදා පැවසුවේ. නාවික හමුදා මෙහෙයුම් … මීගමුව කලපු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්

කරට කර තරගයකින් පසු ඩී ජේ වොලියුම් කණ්ඩායමට ඩී ජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටෑක් ෂෝ තරගයෙන් ජය

මෙරට රේඩියෝ ඉතිහාසය අලුත් කරමින් දක්ෂ ඩී ජේ ශිල්පීන් 5 දෙනෙකු එකවර සහභාගී වූ දැවැන්ත ඩී ජේ සංග්‍රාමය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටෑක් ෂෝ සදහා ඊයේ රාත්‍රියේ සහභාගී වුණේ කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඩී ජේ කේ වන් එක්ස් හා ඩී ජේ මිසා මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් … කරට කර තරගයකින් පසු ඩී ජේ වොලියුම් කණ්ඩායමට ඩී ජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටෑක් ෂෝ තරගයෙන් ජය

2029 ජනාධිපති අපේක්ෂකයා නාමල්මයි පොහොට්ටුව සහතික කරයි

2029 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නියත වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී්්‍ර සංජීව එදිරිමාන්න මහතා පවසනවා. නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

උණුසුම් තරගයකින් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාව සහ බොස්නියාව සමවෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාව සහ බොස්නියාව අතර තරඟය කරට කර උණුසුම් ගැටුමකින් පසු ගෝල 1-1 ක් ලෙස ලකුණු සම වීමෙන් අවසන් වුණා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම මෙම තරඟය පැවැත්වුණේ කැනඩාවේ ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී. කැනඩාව, පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී පරාජයෙන් බේරුණු පළමු අවස්ථාව ද මෙය වනවා. මීට පෙර 1986 සහ 2022 වසරවලදීද කැනඩාව, ලෝක කුසලාන … උණුසුම් තරගයකින් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැනඩාව සහ බොස්නියාව සමවෙයි

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සිදුකරන මූල්‍ය වංචා ගැන අනතුරු ඇගවීමක්

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදු කරනු ලබන මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර වංචනික පුද්ගලයින් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් සම්බන්ධව පැමිණිලි වාර්තා වී ඇති බවත් … පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සිදුකරන මූල්‍ය වංචා ගැන අනතුරු ඇගවීමක්