Nishan Neth News

පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

2026 පන්දුවාර  විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකාව ලකුණු 87ක අමිහිරි පරාජයක් ලැබුවා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේයි. තරඟය එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දු වාර 20දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට සියලු … පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

දකුණු කොරියාවේ හිටපු ජනපතිවරයෙකුට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

උතුරු කොරියානු ගුවන් සීමාවට ඩ්‍රෝන යානා ඇතුළු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු බවට තීන්දු කරමින්, දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යුන් සුක් ඉයෝල්ට සෝල් දිස්ත්‍රික් අධිකරණය මඟින් වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනෙකුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහීවීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම යන චෝදනා යටතේ මෙම … දකුණු කොරියාවේ හිටපු ජනපතිවරයෙකුට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හොර පාරෙන් කසල තේ ප්‍රවාහනය කළ ටිපර් රථ රියදුරෙකුට වැඩ වරදී

බලපත්‍ර නොමැතිව කසල තේ කිලෝ 6,000ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ආගරපතන ප්‍රදේශයේ සිට හැටන් හරහා කුලියාපිටිය දක්වා එම කසල තේ තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලීසිය පැවසුවේ. ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී එම ටිපර් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන්වත්ත ප්‍රදේශයේදි පොලිස් … හොර පාරෙන් කසල තේ ප්‍රවාහනය කළ ටිපර් රථ රියදුරෙකුට වැඩ වරදී

ඔස්මන්ඩ් ගුණසේකරගේ නිවසින් එළියට ආ ගනේමුල්ල සංජීවගේ තොරතුරු රැසක් අධිකරණයේදි දිග හැරේ

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ඩ් නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාල නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය … ඔස්මන්ඩ් ගුණසේකරගේ නිවසින් එළියට ආ ගනේමුල්ල සංජීවගේ තොරතුරු රැසක් අධිකරණයේදි දිග හැරේ

වේරහැරදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගේ තොරතුරු රැසක් එළියට

බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය සිදුකල වැටලීමකදි සැකකරු සතුව තිබී හොරොයින් කිලෝ එකයි ග්‍රෑම් 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 24ක් සොයා ගෙන තිබුණා. ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන මාලිගාවත්තේ … වේරහැරදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගේ තොරතුරු රැසක් එළියට

කටුනායකින් සිඩ්නි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකට අකුණු ප්‍රහාරයක් – ගුවන් යානයේ සිටි මගීන්ට වෙච්ච දේ

කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර බලා අද අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයට අකුණු පහරක් වැදීමෙන් , එම ගුවන් යානය , විනාඩි 40 ක ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේවෙතත් එම ගුවන් යානයේ සිටි මගීන්, පසුව වෙනත් ගුවන් යානයකින් සිඩ්නි නුවර බලා රැගෙන ගියා. ඒ පිළිබද … කටුනායකින් සිඩ්නි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකට අකුණු ප්‍රහාරයක් – ගුවන් යානයේ සිටි මගීන්ට වෙච්ච දේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් හය දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින්. ඒ අනුව නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව් ඩී සී ජානක මහතා අයගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. … වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අත්අඩංගුවට ගන්නාවද? නීතිපතිගෙන් උත්තර

දැනට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස … ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අත්අඩංගුවට ගන්නාවද? නීතිපතිගෙන් උත්තර

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට රුපියල් මිලියන 500ක එන්තරවාසියක්!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටු සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා විසින් ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (ආවරණ රාජකාරි) වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත රුපියල් මිලියන 500ක (කෝටි 50ක) වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය … වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට රුපියල් මිලියන 500ක එන්තරවාසියක්!