Nishan Neth News

හෙල්ලෙන් දස්කම් පෑ රුමේෂ් ලොව තුන්වන තැනට

  නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, පිලිබද ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කළා. ඔහු ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමි කරගෙන තිබෙනවා. නවතම හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසු වන්නේ ජර්මනි ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රේණිගත ලකුණු 1,360ක් හිමි කරගෙන … හෙල්ලෙන් දස්කම් පෑ රුමේෂ් ලොව තුන්වන තැනට

අළුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

අළුත්ගම දුම්රිය ස්ථානය ආසන්න හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.55 ට හික්කඩුව බලා ධාවනය වූ  සීඝ්‍රගාමී දුම්රියේයි අදාළ  ත්‍රිරෝද රථය ගැටී ඈත්තේ. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පාසල්වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ මට්ටමක

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) වනදා දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ වුණා. මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අවසන් දිනය අදයි. ඊයේ (09) දිනය තුළ සිදු කරන ලද පරීශ්‍ර පරීක්ෂාවන් සහ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය හා … පාසල්වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ මට්ටමක

ගෝල්ෆේස් නාන්න ගිය අයෙක් අතුරුදන් – දෙදෙනෙක් බේරා ගැනේ

  ගාලු මුවදොර නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුව අතුරුදන්ව තිබෙනවා. ඔහු සමග නාමින් සිටියදී ගසාගෙන යමින් තවත් දෙදෙනෙකු පිරිසක් විසින් බේරා ගෙන ඇති බවයි වාර්තා වුණේ. අතුරුදන් පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දකුණේ හිටපු මහඇමති ෂාන් රිමාන්ඩ්

  දූෂණ චෝදනාවකට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකාර ෂාන් විජයලාල් ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී අධිකරණය නියෝග කළේ දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා … දකුණේ හිටපු මහඇමති ෂාන් රිමාන්ඩ්

සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණය දුන් නියෝගය

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවට භාජනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඒ අනුව සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවට භාජනය වී ඇත්දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් … සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණය දුන් නියෝගය

සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය අසළ උණුසුම් තත්වයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කල සත්‍යග්‍රහය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා. අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු සත්‍යග්‍රහයට එක්ව සිටින පුද්ගලයින් බැන වැදීමට යාමේදී එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වුණා.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කෙරේ

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. 2008 වසරේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වූ නඩුවේ තුන්වන සැකකරු ලෙසයි හිටපු නාවික හමුදාපතිවරයා … තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කෙරේ

ෂාන් විජයලාල් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ එම පළාතේ ස්වේච්ඡා සමිති සදහා පුටු මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි පැවසෙන සිද්ධියකට අදාළව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් ද සිල්වා මහතා කොළඹ … ෂාන් විජයලාල් අත්අඩංගුවට