Nishan Neth News

ඉන්ධන මිල සංශෝධනය ගැන අලුත්ම ආරංචිය

ලෝක වෙළෙදපොළ තුළ ඉන්ධන මිල ගණන් දෛනික වෙනස් විම මත මෙරට ඉන්ධන මිලෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය හැකි ද යන්න මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ.

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි සහ සුළං

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යම කදුකරයේ … ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි සහ සුළං

ඔබ හදන වෙසක් කූඩුවේ සැගවුණු කතාව මෙන්න

වෙසක් සතිය නිමිත්තෙන් නෙත් නිවුස් සකස් කල විශේෂාංග මාලාව යටතේ අද සොයා බැලෙන්නේ මෙරට පහන් කූඩූ ඉතිහාසය හා වර්තමාන අභියෝග පිළිබදවයි

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් පොලීසිය කළ ඉල්ලීම

මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා. ඒ සදහා විදෙස් රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ. 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ විදෙස්ගතව රැදී සිටි … විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් පොලීසිය කළ ඉල්ලීම

දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම් දීමක්

වෙසක් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් සදහා මේ වන විට ලියාපදිංචි වී අවසන් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, දන්සැල් ලියාපදිංචිය සදහා තවදුරටත් අවස්ථාව හිමි වන බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට බෝවන රෝග කිහිපයක් පිළිබද වාර්තා වන … දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම් දීමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන අදියරය අද ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන අදියරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ගලගෙදර බඹරගහ හන්දියෙන් අද ආරම්භ වනවා. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක වන්නේ රඹුක්න සිට ගලගෙදර දක්වායි. මෙම ඉදිකිරීම් සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරගකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලංසු කැඳවා තිබුණා. ඒ අනුව … මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන අදියරය අද ඇරඹෙයි

බදුරලියේ කැළෑබද ප්‍රදේශයක විශේෂ මෙහෙයුමක් – කෝටි පහ හමාරක අයිස් පොලිස් භාරයට

බදුරලිය, තුඹගල්ල කන්ද කැළෑබද ප්‍රදේශයක සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කිසියම් පුද්ගලයෙකු එම කැළෑබද ප්‍රදේශයට පැමිණෙන බවට බදුරලිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී කළු පැහැති ගමන් බෑගයක තිබී අයිස් මත්ද්‍රව්‍ය … බදුරලියේ කැළෑබද ප්‍රදේශයක විශේෂ මෙහෙයුමක් – කෝටි පහ හමාරක අයිස් පොලිස් භාරයට

තාවකාලික සටන් විරාමයකට අමෙරිකාව සහ ඉරානය එකගතාවක – ට්‍රම්ප්ගේ අනුමැතිය එන තෙක් බලා සිටී

අමෙරිකා එක්සත් ජනපද සහ ඉරාන අතර තාවකාලික සටන් විරාමයක් සදහා එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, දින 60ක කාලසීමාවක් සඳහායි. කෙසේ වෙතත් එය සාර්ථක කර ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් අනුමැතිය හිමිවිය යුතු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

වැලිකඩ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ … වැලිකඩ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්