Nishan Neth News

වැලිකඩ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ … වැලිකඩ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

රෝහලෙන් පලා ගිය දික්ඔය ද්විත්ව ඝාතකයා යළි අත්අඩංගුවට

මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පළා ගිය හැටන් දික්ඔය වයෝවෘද්ධ අඹු සැමි යුවළක් ඝාතන සිද්ධියේ සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් බගවන්තලාව ෆෙටරොස් වතුයායේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. අදාළ සැකකරු රෝහලේ වැසිකිළියට ගොස් එහි ජනේලයකින් පැන පලාගොස් තිබුණා. යළි අත්අඩංගුවට ගත් සැකකරු පොලීසිය විසින් හැටන් … රෝහලෙන් පලා ගිය දික්ඔය ද්විත්ව ඝාතකයා යළි අත්අඩංගුවට

තිදෙනෙකුගේ දිවි අහිමි කළ යතුරු පැදි අනතුරු

දිවයිනේ ප්‍රදේශ තුනක සිදුවූ යතුරු පැදි අනතුරු තුනකින් පුද්ගලයන් තුන් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඉන් එක් අනතුරක් සිදුව ඇත්තේ මඩකලපුව ගුවන් හමුදා කඳවුර ආසන්නයේදීයි. එහිදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බිංගිරිය, අළුපොත – අකරවත්ත … තිදෙනෙකුගේ දිවි අහිමි කළ යතුරු පැදි අනතුරු

කළුතර දකුණ වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය සොයා ගැනේ

කළුතර දකුණ, වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. එම මෝටර් රථය නෑබඩ තැපැල් කාර්යාලය අසල අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එලෙස වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි. … කළුතර දකුණ වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය සොයා ගැනේ

රථ වාහන දඩ ලෙස මුදල් වංචා කරන ජාවාරමක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

රථ වාහන වැරදි සිදුකරන රියදුරන් සී සී ටී වී දර්ශන මගින් හදුනාගත් බවට හඟවමින් පොලීසිය විසින් යොමුකරන ලෙස හැගී යන ආකාරයට කිසියම් පිරිසක් එම රියදුරන්ට ව්‍යාජ දුරකතන අංක කිහිපයකින් එස් එම් එස් හා වට්ස්ඇප් පණිවිඩ යොමු කිරීමේ සිද්ධින් පිළිබද වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා. මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සදහා දඩ … රථ වාහන දඩ ලෙස මුදල් වංචා කරන ජාවාරමක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

IMF වාරිකය ලැබීමෙන් ජනතාවට සහන ලැබෙනවාද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉදිරියේදි ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 695 ක ණය මුදල හරහා සාමාන්‍ය ජනතාවට ඍජු වාසි නොලැබෙනු ඇතැයි ආර්ථික විශේලේෂකයින් පවසනවා. කෙසේවෙතත් මෙම මුදල හරහා රුපියලේ අගය ශක්තිමත්වීම සහ උද්ධමනය පහළ යාම හරහා සාමාන්‍ය ජනතාවට වාසි හිමිවනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා නෙත් … IMF වාරිකය ලැබීමෙන් ජනතාවට සහන ලැබෙනවාද?

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රදේශ රැසක අද දිනයේද මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට … වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

බන්ධනාගාර නිලධාරීන්ට වෙට්ටු දමා රෝහලෙන් පලා ගිය දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අල්ලන්න මෙහෙයුමක්

බන්ධනාගර නිලධාරීන්ගෙන් මිදී පලාගිය හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඇති වූයේ යැයි බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරුව පසුගිය 26 වනදා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ඊයේ අලුයම රෝහලෙන් පලාගොස් … බන්ධනාගාර නිලධාරීන්ට වෙට්ටු දමා රෝහලෙන් පලා ගිය දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අල්ලන්න මෙහෙයුමක්

මිනුවන්ගොඩත් වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදි අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. ඒ අනුව එම මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කළුතර දකුණ, වෙට්ටුමකඩේ ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත් වුණා. කළුතර දකුණ මරික්කාර් වීදිය ප්‍රදේශයේ … මිනුවන්ගොඩත් වෙඩි තැබීමක්