Nishan Neth News

මිනුවන්ගොඩත් වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදි අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. ඒ අනුව එම මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කළුතර දකුණ, වෙට්ටුමකඩේ ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත් වුණා. කළුතර දකුණ මරික්කාර් වීදිය ප්‍රදේශයේ … මිනුවන්ගොඩත් වෙඩි තැබීමක්

කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පොලීසියට ඔත්තු දෙන අයෙක්ද?

කළුතර දකුණ, වෙට්ටුමකඩේ ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය ව්‍යාපාරිකයා පොලිසියට ඔත්තු ලබා දුන්නේයැයි යන සැකය මත මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවයි. මිය ගොස් ඇත්තේ කළුතර දකුණ මරික්කාර් වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් නමැති 43 හැවිරිදි … කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පොලීසියට ඔත්තු දෙන අයෙක්ද?

අමෙරිකාවෙන් ඉරානයට යළි ප්‍රහාර මාලාවක්

ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින්, අමෙරිකානු මිලිටරිය විසින් ඊයේ රාත්‍රියේ නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අමෙරිකානු හමුදාවන්ට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනාගමනයට තර්ජනයක් යැයි සැකකෙරෙන ඉරාන හමුදා කදවුරක් ඉලක්ක කර ගනිමින් එලෙස ප්‍රහාර එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පවසන්නේ. ඉරාන ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝන යානා හතරක් ද වෙඩි තබා … අමෙරිකාවෙන් ඉරානයට යළි ප්‍රහාර මාලාවක්

කළුතර වෙඩි තැබීමක්

දකුණු කළුතර, වෙට්ටුමකඩ, පල්ලිය පාර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ එම වෙඩි ප්‍රහාරයෙන් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි. ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවට වාර්තා වනවා.

ආණ්ඩුව පළවා හැරීමට අවශ්‍ය කාටද? ජනපති සියලු දේ හෙළි කරයි

වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී වන්දි … ආණ්ඩුව පළවා හැරීමට අවශ්‍ය කාටද? ජනපති සියලු දේ හෙළි කරයි

කොල්ලුපිටියේ සමාජ ශාලාවකට පොලීසිය කඩා පනී – චීන්නු 6කුත් අත්අඩංගුවට

කොල්ලුපිටිය, ගාලු පාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා චීන ජාතිකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීමේ චෝදනා යටතේයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 ත් 48 ත් අතර වයස්වල පසුවන චීන ජාතිකයින් හය දෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු … කොල්ලුපිටියේ සමාජ ශාලාවකට පොලීසිය කඩා පනී – චීන්නු 6කුත් අත්අඩංගුවට

බන්ධනාගාර රැදවියන්ට අද විශේෂ අවස්ථාවක්

අද දිනට යෙදි ඇති හජ් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට සිය අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන්ට අද දිනයේ ආහාර හා රසකැවිලි ගෙනවිත් ඔවුන්ට ලබාදිය හැකි බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් ලබන 30 වනදා ද රැදවියන්ට සිය අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබාදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් … බන්ධනාගාර රැදවියන්ට අද විශේෂ අවස්ථාවක්

වෙසක් සමයේ ඉදිවන තොරණ ඉතිහාසය ගැන අනාවරණයක්

වෙසක් පුන් පොහෝ දින රාත්‍රිය උදාවීමත් සමඟ ලාංකීය ජන සමාජය තුළ වඩාත්ම කතාබහට ලක්වන, නෙත් සිත් අමන්දානන්දයට පත් කරන ප්‍රධානතම අංගය වන්නේ වෙසක් තොරණයි. බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් තේමා කරගත් ජාතක කථා පුවත් මනරම් සිතුවමින් සහ විදුලි බුබුළුවලින් හැඩගන්වන මේ වෙසක් තොරණ කලාවේ අතීතය, වර්තමානය සහ එහි අනාගත අභියෝග පිළිබඳව කෙරෙන විශේෂාංග වාර්තාවයි මේ.

අබුඩාබි නුවර සිට පිටුවහල් කළ තවත් ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි නුවර රැදී සිටිමින්, මැදපෙරදිග යුද්ධයේ දී භාවිත කළ ඩ්‍රෝන යානා , මිසයිලවල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනවල තබා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා. ඩ්‍රෝන යානා , මිසයිලවල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනවල තබාගෙන ඒවාට සමාජ මාධ්‍ය ජාල හරහා … අබුඩාබි නුවර සිට පිටුවහල් කළ තවත් ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු දිවයිනට